leader s

පවතින තත්ත්වය හමුවේ තමන් දේශපාලනයට පිවිසෙනවාද නැද්ද යන්න පිළිබඳව අද දවසේ තීරණය කරන බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ඊයේ (22) එබව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මෙසේ සඳහන් කළාය.

"දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නෑ. මට මේ වෙච්ච අසාධාරණය. මේ රටේ මට දැනෙනවා ස්වාධීන මනුස්සයෙක් විදියට නැගිටින්න නැගිටින්න ඔළුවට ගහන රටක්. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න බැරි සත්‍ය කතා කරන තැන්වලදී අපිට ඔලුවට ගහලා පාගලා කුඩුපට්ටම් කරන්න හදන රටක්, එතකොට පාට පක්ෂ එක්ක හිටගත්ත බොහෝ දෙනෙක්ව රැකෙනවා. මම කියන්නේ නෑ ඒක හරියි කියලා,

හැබැයි හෙට දවසේ දේශපාලනයට එනවද නැද්ද කියලා මටත් තීන්දුවක් ගන්න වේවී මේ යන විදියට, ඒ තීන්දුව ගන්න වුණොත් මම හිටගන්නේ කොහේද කියලා මම තීන්දුවක් ගනීවී, හරිම සාධාරණම තැනක හිටගන්න, සමහරවිට මම තවම තීන්දුවක් අරගෙන නෑ. හෙට දවසේ මම එහෙම තීන්දුවක් ගනීවී, මේ යන විදියට."

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්