පළාත් පාලන ඡන්දය පැවැත්වීම මැතිවරණ කොමිසමට සැප්තැම්බර් සැප් 20 දින සිට බලය ලැබී ඇති තත්ත්වයක් තුළ එය කල් දැමීමට ජනාධිපතිවරයා දරන උත්සාහය පරාජය කළ යුතු බව මහාචාර්ය චරිත හේරත්
පවසයි.
'' මේ කරන්නේ පළාත් සභා ජන්දයට කළ දේමය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු ජනතා මතයකින් තොරව මෙවැනි ප්‍රතිපත්ති වෙනස්කම් නොකළ යුතු බව මගේ මතයයි. '' මහාචාර්ය චරිත හේරත් තවදුරටත් කියා සිටියි.
'නිදහස ජනතා සභාව ' ප්‍රධානියකු වන මහාචාර්යවරයා එබව සඳහන් කර ඇත්තේ, ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමිනි.
''ජනමත විචාරණයක් පවත්වනවා'' - ජනපති කියයි
• මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක්
• පළාත් පාලන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට පියවර
• මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා සීමා
• දේශපාලන පක්ෂ නීති ගැන අවධානය
• මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හා සාරධර්ම පිළිබඳ නව රීති පාර්ලිමේන්තුවට
• දේශපාලන පක්ෂ අරගලයට හේත්තු වූණාට අරගලය දේශපාලන පක්ෂවලට හේත්තු වී නැහැ.
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.
රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා) සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කරගත් කමිටුවකට ලබා දිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසිය.
දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් (කේවල හා අනුපාත ක්‍රමයක්) සමඟ මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් පැවසීය.
සබැඳි පුවත් :
මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක් ! ජනමත විචාරණයක් අතළඟ!
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න