1200 x 80 DMirror

වසර දෙසීයක් පුරා රටේ ආර්ථිකයට පණ දුන් වතු කම්කරුවන් පවතින අහේනිය හමුවේ සාගින්නේ මිය යාමට පෙර නිසි  පියවර ගන්නා ලෙස කඳුකරයේ දේශපාලන නායකයකු ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.



දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මේ බව කියා සිටියේ පෙරේදා [20] වතු කම්කරුවන් පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන ඉදිරිපත් කර ඇති අනතුරු ඇඟවීම් ගැන සභාව කල්තැබෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එමින්.

වතුකරයේ දේශපාලන පක්‍ෂ හා වෘත්තීය සමිති සමග එක්ව වතු සමාගම් වල දරදඬු පාලනයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවට සඳහන් කරමින්,  කම්කරුවන් ගේ මානව හිමිකම් උල්ලංඝණය ගැන ජාත්‍යන්තරය දැනුවත් කළ හොත් තේ වෙළඳ පොළ කඩා වැටෙන බව පවසන වතු කම්කරු නායකයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ එවැනි තැනකට තමන්ව පත් නොකරන ලෙසයි.



'' මේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වන අයගෙන් සියයට පනස් එකක්ම වතු කම්කරුවන්. ඔවුන් කන්න බොන්න නැතිව සාගතයෙන් මිය යන්න පුළුවන්. අපි විතරක් නොවේ මේක කියන්නේ ජාත්‍යන්තර සංවිධාන හතරක් මේ දරුණු තත්වය ගැන අනතුරු අඟවා තියෙනවා.''


''එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ ලෝක ආහාර සංවිධානයේ විශේෂ ඒකාබද්ධ වාර්තාව වූ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය ගැන  තක්සේරුව, ලෝක ආහාර සංවිධානයේ අධීක්ෂණ වාර්තාව,  ශ්‍රී  ලංකා හා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ආර්ථික සමාලෝචනය සහ නූතන වහල්භාවය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ටොමෝයා ඔබෝකාටා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ වාර්තාව. ඔහු කියන්නේ රටේ ආහාර අර්බුදය ගැන ගෘහ මට්ටමේ සමීක්ෂණවලදී ඉහළම අනුපාතය වන සියයට 51 වතුකරයේ බවයි.''

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායකයා ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මෙම ජාත්‍යන්තර වාර්තා පවසන අයුරින් දැඩි සාගතයක් ඇති වීමට පෙර පිළියම් යොදන ලෙසයි.

'' එක්සත් ජාතීන්ගේ  විශේෂ නියෝජිත ටොමෝයා ඔබෝකාටා කියනවා වතු කම්කරුවන්ට එරෙහිව අපරාධ වෙන්නේ එයාලා කම්කරුවෝ නිසාම නොවේ,   සුළුතර දෙමළ ජාතිකයන් වීම නිසයි කියලා''

''මෙය බරපතල ප්‍රකාශයක් නමුත්  චෝදනාව සැබෑවක්.  මෙතන තියෙන්නේ ජාතිවාදය.''

මීට පිළියම් නොයොදා එළඹෙන මාර්තුවේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසියට  වතු කම්කරු ජනයාගේ ප්‍රශ්නය ද රැගෙන යාම දෙසට තල්ලු නොකරන ලෙස මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

'' වතු කම්කරුවන්ගේ සමාජ ආරක්ෂණය ගැන ආණ්ඩුව හිතන්නේ නැතුව වතු සමාගම් වලට පවරනවා. ලාභ ලබන සමාගම් ඒ ලාභය කම්කරුවන් එක්ක බෙදා ගන්න සුදානම් නැහැ. මේ භූමිය රජයට එහෙම නැත්නම් වතු කම්කරුවන්ට අයිති' සමාගම් ඉන්නේ බද්දට. ඒත් ඔවුන් හැසිරෙන්නේ අයිතිකරුවන් වගේ. මේක බරපතල තත්වයක්.''

තවත් චෝදනාවක් එල්ල කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසන්නේ, වගා නොකළ වතු ඉඩම් කම්කරුවන්ගේ කෘෂි කර්මාන්තයට ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී පොරොන්දු වුවද එය ඉටු කිරීමට මෙතෙක් සමත් වී නොමැති බවයි.

'' රටේ අඩු දියුණුම ජනතාව කියලා මුළු ලෝකෙම කියන වතු කම්කරුවන්ට සමෘද්ධි සහන නැහැ. මේක නම් මාර විහිළුවක්.''

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය