leader s

සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව හෙට දිනයේදී

අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවට ICC ය විසින් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියාවේ අධිකරණ ක්‍රියාපටිපාටීය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරනු  ලබන බව ද එම නිවේදනයේ සඳහන් වේ.


සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC සමඟ සාකච්ඡා කොට පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

sl crik


අතවර කළ බවට කාන්තාවක් විසින් කළ පැමිණිල්ලක් !


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, 29 හැවිරිදි කාන්තාවක් විසින් නිව්සවුත්වේල්ස් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවය.


විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ, සිඩ්නි නුවර සසෙක්ස් වීදියේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලක මේ වන විට සිඩ්නි සිටි පොලීසියේ රඳවා සිටින බවයි.


පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදීම ආබාධයකට ලක්වීම හේතුවෙන් නවාතැන් ගත් හෝටලයේම ඔහු විවේක ගන්වනු ලැබිණ.



සබැඳි පුවත් :
ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට - චෝදනා 04ක් !


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්