leader s

ආණ්ඩුවට එරෙහිව “කරව්! නැත්නම් පලයව්!!” යන සටන් පාඨය යටතේ රටම බලමුළු ගන්වන මහජන සමුළුවක් නොවැම්බර් 19 (අද) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට උත්තර ලංකා

සභාගය කටයුතු යොදා තිබේ.

මෙම සටන් පාඨය අර්ථ දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ සදහන් කරන්නේ, ආණ්ඩුවට, ‘කරව්!’ කියන්නේ ‘කරනවානම් හරියට කරන්න!’ යන්න බවත් ‘නැත්නම් පලයව්!!’ යන්නෙන් අර්ථවත් වෙන්නේ ‘එහෙම ‘නොකරනවානම් වද නොදී යන්න’ කියන එක බවත් ය.

ආණ්ඩුව ‘හරියට කරන බවක්’ නොපෙනෙන නිසා උත්තර ලංකා සභාගයට ඒ සඳහා බල කිරීමේ වගකීමක් තිබෙන බව ද විමල් වීරවංශ සඳහන් කරයි.

මෙම මහජන සමුළුවේදී උත්තර ලංකා සභාගය විසින් ආණ්ඩුවට ‘අවම වැඩපිළිවෙළක්’ ඉදිරිපත් කරන බවත් ‘අඩුම තරමින් මේ ටික කරපල්ලා. එහෙම කරනවානම් විතරයි නුඹලාට සදාචාරාත්මකව බලයේ රැඳෙන්න පුළුවන්’ යන්න එමගින් අවධාරණය කරන බවත් විමල් වීරවංශ පවසයි.




මෙම මහජන සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් සභාපති - ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම් – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති – පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති – ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම් – යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අදහස් දැක්වීමට නියමිතය.

එසේම, අනුශාසක – විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙහිදී අදහස් දැන්වීමට නියමිත බව වාර්තාවේ.



(සජීවී විකාශය)

https://www.facebook.com/WimalWeerawansa.sl

https://www.facebook.com/nidahasperamuna


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්