leader s

සංචාරක වීසා කාලය ඉක්මවා ඕමානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල ඉවත් කර ගැනීමට සාකච්ඡා කරමින් ඇතැයි විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පැවසුවේ, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවයි.

එම කාන්තාවන් දිවයිනට ගෙන්වා ගැනීමට අදාළ ගුවන් ටිකට්පත් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි ද ඔහු පැවසුවේ ය.


ඕමාන රැකියා ජාවාරමේ තවත් තොරතුරු



ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වන කුෂාන් නැමැත්තාගෙන් තමන් හිංසනයට හා හිරිහැරවලට ලක්වූ බවට ඕමානයේදී අසරණ වන ශ්‍රී ලාංකික කාන්තාවන් රැසක් තොරතුරු අනාවරණ කළේය.

එවැනි තවත් හෙළිදරව්වක් "අද දෙරණ" ට අනාවරණ කළේ සංචාරක වීසා මත ඩුබායි හරහා ඕමානයේ රැකියාවක් සඳහා පිටත්ව ගිය කාන්තාවකි.

සංචාරක වීසා මත ඕමානයේ රැකියාවට ගිය කාන්තාව,


"ඩුබායි හරහා තමයි ඕමානයට ආවේ 2021 දහවැනි මාසයේ 07 වනදා. පස්සේ එතන මාසයක් වැඩකරලා එම්බසියට ගිහිල්ලා එතන සහනයක් නැහැ කියලා එළියට ගියා. එළියට ගිල්ලා ප්‍රශ්නවෙලා ආයේ මම එම්බසියට ආවා.. මම කුෂාන් සර්ට කිව්වා මට ඔයත් එක්ක කතාකරන්න ඕනේ කියලා. පස්සේ කුෂාන් සර් කිව්වා අනිවාර්යෙන් කතාකරමු. අපේ ගෙදරට එන්න කතාකරන්න පුළුවන්නේ දැන් මම බිසී කියලා. හරි කියලා ම ගෙදරට ගියා. ගියාට පස්සේ  මාව බලෙන්  බදාගන්න, හාදුදෙන්න එහෙම ආවා.  යන්න ඕනේ කියලා මම ගොඩක් ඇඬුවා. ඊට පස්සේ කිව්වා ඔයාව අවුරුදු 10ක් බිලැක් ලිස්ටි කරනවා. යවන්නේ නැහැ කිව්වා."

එමෙන්ම තමා විදේශගත කළ ඒජන්සිය හා ඕමාන නියෝජිතායතනයේදී ඇයට සිදුවූ පහරදීම් සම්බන්ධයෙන්ද මෙලෙස අනාවරණ කළේය.



"එම්බසියේ ඉන්න නිලධාරීන් ගැන කතා කළා කියලා නදීකා කියලා කෙනෙක් ඉන්නවා. එයා අත හපලා ගත්තා."

මේ අතර ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියාකලාපය නිසා තම බිරිඳට මෙරටට පැමිණීමට නොහැකි වී ඇති බවට පුද්ගලයෙකු චෝදනා කරයි.


ඕමානයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකගේ සැමියා,


"ඒ රජයෙන් දෙන්න අවශ්‍ය සියලුම ලියුම් දීලා තියෙනවා. එයාගෙ ස්පොන්සර් ලියුම් දීලා තියෙනවා. ඒ නිසා ඒයාට ඒ රටේ රැඳීසිටීමට කිසිම අවසරයක් නැහැ. නමුත් කුෂානුයි, ඒජන්සි දෙක එයාගේ පාස්පෝට් එකයි ජංගම දුරකථනය, මුදල් රඳවාගෙන තබාගෙන සිටිනවා. ඒවා නැවත භාරදෙන්නේ නැතුව. එතන ඉන්නවා මානෙල් කියලා මිස් කෙනෙක්. ඒ දෙන්නා සම්බන්ධව තමයි ජාවාරම් සියලු දේ වෙන්නේ."

 


ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළ ඊ. කේ කුෂාන් නැමැති පුද්ගලයාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.



සබැඳි පුවත් :
මිනිස් ජාවාරම : ඕමාන තානාපති කාර්යාල නිලධාරියෙකුගේ වැඩ තහනම් !
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්