leader s

සංරක්ෂිත ඡායාරූපයකි )

ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් දෙන පාර්ශව හෙළි කෙරෙන මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂයේ පක්ෂ විරුද්ධ වීම නිසා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ

හමුවක් පාර්ලිමේන්තුවේ දී අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත ය.

මැතිවරණ වියදම් නියාමන පනත ගෙන ඒම මගින් අපේක්ෂා කරනු ලැබුයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වියදම් කරන පාර්ශව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමයි.

මැතිවරණයක් කැඳවා ඇති මේ මොහොතේ එවැනි ක්‍රමවේදයක් ගෙන ඒමට විරුද්ධ බව විපක්ෂයේ පක්ෂ නායකයෝ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හමුවී ඊයේ (17) කරුණු දක්වනු ලැබූහ.

අධිකරණ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුව පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් අදාල පනත ගෙන එන ලෙසට රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි.

මෙරට ඡන්ද ව්‍යාපාරවලට මුදල් දෙන පාර්ශව හෙලි කරනවාට විරුද්ධ පක්ෂ නායකයන් එරෙහි වන්නේ කුමක් නිසාදැයි තේරුම් ගත නොහැකි බව මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසු බව 'ලංකාදීප' පුවත්පත වාර්තා කරයි.


(මුලාශ්‍රය -lankadeepa.lk)


සබැඳි පුවත් :
මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත විවාදය කල් දමයි

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්