leader s

මෙරට බටහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ නඩුව සිංගප්පූරුවේ අධිකරණයක් හමුවේ පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ

අධිකාරිය පවසයි.

එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ පෙබරවාරි මස මැද භාගය වනවිට එම කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පවතින බවට නීතිපති දෙපාර්තමේන්තුව තමන් වෙත දැනුම් දී ඇති බවයි.




එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට සිදුවූ බවට ඇස්තමේන්තු කෙරෙන පරිසර හානියට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 6.5 කට අධික වන්දි මුදලක් ලබාගැනීමට හැකියාව පවතින බව ද ඇය මෙහිදී ප්‍රකාශ කළාය.



එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා මෙරට අධිකරණයක නඩුවක් පැවරීම යෝග්‍ය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩුවක් පවරන ලෙස උපදෙස් ලබා දී තිබිණ.

එහිදී විෂයබාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මතය වෙනුවෙන් පෙනී සිටියදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වෙනුවෙන් පෙනිසිට ඇත.


සබැඳි පුවත්
 එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය : නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගැටුමක !

 

  

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්