leader s

ඊයේ රාත්‍රී 7.00ට පමණ මෙරටට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු කණ්ඩායම අද දහවල් ජනාධිපතිවරයා හමුවී වහාම දිවයිනෙන් පිටව ගොස් ඇත.
මෙම කණ්ඩායම ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකිනි.

දිවයිනට පැමිණි එම පිරිස කටුනායක ගුවන් තොටුපළේ සිට පොලිස් පෙර ගමන් රථ දෙකක් ඇතුළු වාහන 12 කින් ඊයේ රාත්‍රියේ කොළඹ පැමිණ ඇති අතර ඊයේ රාත්‍රී නවාතැන් ගෙන ඇත්තේ 'කලම්බෝ සිටි' හෝටලයේය.

අද පෙරවරු 8.45 ට පමණ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලට ගොස් ඇති එම ඇමරිකානු කණ්ඩායම අනතුරුව රාජ්‍ය බුද්ධි සේවා (SIS ) කාර්යාලයට ගොස් සාකච්ජාවක් පවත්වා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුව ඇත්තේ ඉන් අනතුරුවය. ඒ, ජනාධිපතිවරයා පදිංචිව සිටින පැජට් මාවතේ නිවසෙදීය.

අනතුරුව එම පිරිස වහාම දිවයිනෙන් පිටව ගොස් ඇත.

එම නියෝජිත පිරිස ඊයේ රාත්‍රී කොළඹට පැමිණි කාලසීමාව තුළ වෙනත් කිසිදු වාහනයකට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට ඇතුලුවීමට අවස්ථාව නොදුන් බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.

මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර ඊයේ (14) දින පස්වරුවේ සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණි .

මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C - 17 A Globemaster - ¡¡¡ වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ ග්‍රීසියේ සිටයි.
 

JW


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්