leader s

පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවැති සැසියේදී අධ්‍යාපන අමාත්‍ය සුසින් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනි කුමාරි කවිරත්න අතර පැවැති උණුසුම් වාදයේදී අධ්‍යාපන අමාතයවරයා අසභ්‍ය වචන භාවිත

කිරීම පිළිබඳව මන්ත්‍රීවරිය කතානායකවරයාට පැමිණිලි කර ඇත.

ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු පිළිබඳව කටයුතු කරමින් සිටි ගුරුවරුන් දෙදෙනකු බීමත් පොලිස් නිලධාරීන් විසින් පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව මන්ත්‍රිවරිය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එයට අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ඇය තවදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී කෝප වූ අධ්‍යාපන අමාත්‍යවරයා   “ ‘මල හු…….. ක් නේ මේ ගෑණි‘……….. යනුවෙන් බැන වදින අයුරු අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශනයේ ද දැකිය හැකි විය.



අමාත්‍යවරයා සභාව අමතද්දී මහජන ගැලරියේ පාසල් සිසුහු ද සිටියහ.

මෙම සිද්ධිය වන අවස්ථාවේ දී මුලසුන දරනු ලැබූවේ ද කථානායකවරයා වන අතර අවස්ථා දෙකකදී අධ්‍යාපන අමාත්‍යවරයා මන්ත්‍රිවරියට කුණුහරුපයෙන් බැන ඇති බවට ඇය පැමිණිලි කර ඇත.


Rohini 2023.02.241
රෝහිණි ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

 

396397798319092939
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මණ්ඩල රාජකාරි කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් අද (24) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

පහරකෑමට ලක්වූ පිරිස අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් අදාළ පැමිණිල්ල සිදුකොට තිබේ.

සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න  ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල සිදු කරනු ලැබීය.

මෙම අනීතික ක්‍රියා දාමයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් හඳුනාගෙන වහාම ඔවුන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී විජේරත්න පැවසුවාය.



අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමර්ශනයක් !


අධ්‍යාපන අමාත්‍යාංශයට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පැමිණීම සමඟ ඊයේ (23) ඇති වූ කලබලකාරී වාතාවරණය අතරතුරදී  එහි සිටි ගුරුමාරු මණ්ඩල නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව එම අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා හා වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේ දී අද (24) පැවති අතර, එහි දී වෘත්තීය සමිති මගින් කළ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍යාංශ පරිශ්‍රය තුළ හතර වන මහලේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂාවක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට ද මෙහිදී තීරණය වූ බව එම අමාත්‍යාංශය පවසයි.


සබැඳි පුවත්
ලංකා ගුරු සංගමයෙන් පොලීසියට චෝදනාවක්


JW

 

 

 
 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්