leader s

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.


"ඇත්තටම අධිකරණ තීන්දුවට අපි ඕන කෙනෙක් ගරු කරන්න ඕනේ. මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්.. රජය වෙන්න පුළුවන්.. ආයතනයක් පෞද්ගලිකව වෙන්න පුළුවන්.. අධිකරණ තීන්දුව පැහැදිලිකරගෙන කටයුතු කිරීම හැමදෙනාගෙම වගකීමක්. මුදල් අමාත්‍යංශය අනුව එ් ගෞරවය අනුව කටයුතු කරනවා. එහි කිසිදු ගැටලුවක් දකින්නේ නෑ. අධිකරණ තීන්දුවක් අනුව කටයුතු කිරීම හැම කෙනෙක්ම බැඳිලා ඉන්න විශේෂ වගකීමක්. අධිකරණ තීන්දුව අනුව වියදම් පෙළගැස්සවීමක් කරන්න සිදුවේවී." මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසිය.


2023 අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඊයේ (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම ද වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.


මැතිවරණයට අදාළ සියලු පාර්ශව කොමිසම හමුවට


ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ නව දිනය එළඹෙන මාර්තු 09 වනදාට පෙර ප්‍රකාශයට පත් කරන බව ඊයේ රැස් වූ මැතිවරණ කොමිසම සඳහන් කළේය.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් එළඹෙන මාර්තු 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර  තිබේ.

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශව කැඳවීමට නියමිත බවය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතව ඇත.



සබැඳි පුවත් :

 
Anida

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්