The Leader News
BREAKING
Top Ad
පුවත්

මාස 16ක් ටැංකි තුළ තබා ගැනීමෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 655ක් වාෂ්ප වෙලා !

T

The Leader Desk

May 14, 2026 • 4:18 PM

 මාස 16ක් ටැංකි තුළ තබා ගැනීමෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 655ක් වාෂ්ප වෙලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “එවක ප්‍රිමියම් එක තිබුණේ ඩොලර් 4.8යි.
  • දින 27කට ඩීසල්, දින 30කට පෙට්‍රල් ද දින 44කට බොරතෙල් ද සතුව තිබියදී මාර්තු 9 දින ඉන්ධන මිල ඉහළ දැම්මා.
  • එය යළි මාර්තු 21 වැඩි කළා.
  • මෙතන තමයි වංචාවක් සිදු වුණේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ටැංකි තුනක ගබඩා කළ අතර ඒවා මාස 16ක් එම ටැංකි තුළ තබා ගැනීමෙන් මෙට්‍රික් ටොන් 655ක් වාෂ්ප වූ බව ද එවක ඉන්ධන ලීටරයක මිල 311 ක් වූ අතර තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු එම ඉන්ධන ලීටරය රුපියල් 292ට අලෙවි කිරීමෙන් ඇමැතිවරයා තෙල් සංස්ථාවේ සභාපති හා නිලධාරින් විසින් රටට කෝටි 64ක්ට වැඩි පාඩුවක් සිදු කළ බව ද ඉන්ධන මිල සම්බන්ධයෙන් පසුගිය දිනෙක ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූ සමගි එකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත ප්‍රකාශ කළේය.

“එවක ප්‍රිමියම් එක තිබුණේ ඩොලර් 4.8යි. ඒක දෙන්න බැහැ කියලා ඉරාන ඇමෙරිකා යුද්ධය පෙන්වා ගසාකෑමේ සූත්‍රයට ගියා. දින 27කට ඩීසල්, දින 30කට පෙට්‍රල් ද දින 44කට බොරතෙල් ද සතුව තිබියදී මාර්තු 9 දින ඉන්ධන මිල ඉහළ දැම්මා. එය යළි මාර්තු 21 වැඩි කළා. මෙතන තමයි වංචාවක් සිදු වුණේ. ආණ්ඩුවට සත පහකින්වත් ඉන්ධන වැඩි කිරීම අයිතියක් නැහැ” යනුවෙන් සඳහන් කළේය.

ඩීසල් ලීටරයක සැබෑ මිල රුපියල් 720ක් වුව ද, දැනට එය රුපියල් 392කට ලබා දෙන බවත්, එහිදී රජය සෑම ලීටරයකටම රුපියල් 100ක සෘජු වැය බරක් දරන බවටත් එවැනි සහන පැවතිය ද තෙල් සංස්ථාව තවදුරටත් පාඩු ලබන අතර, එම පාඩුව භාණ්ඩාගාරයට විශාල බරක් වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

 තෙල් සංස්ථාව සතුව පැවති රුපියල් බිලියන 84ක පාඩුව දැනටමත් භාණ්ඩාගාරයට පවරාගෙන ඇති බැවින්, දිගින් දිගටම මෙලෙස මුදල් ලබාදීම කළ නොහැකි බවත්, ආයතන කාර්යක්ෂම විය යුතු බවත් ජනාධිපතිවරයා එම අවස්ථාවේ සඳහන් කර තිබේ.

(lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)


 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...