නව ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් තිලක් වරාගොඩ ඉවත්කර පේෂල ජයරත්න පත්කර ඇත.


එම ඉවත්කිරීම හා නව පත්වීම සිදුකර ඇත්තේ නව ලංකා නිදහස් පක්ෂයේ අද (20) පස්වරුවේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දීය. එම පක්ෂයේ බත්තරමුල්ල මුලස්ථාන කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්විණ.

පක්ෂය තුළ ක්‍රියාත්මක වීමේදී පසුගිය කාලයේ සිදුවූ නොයෙකුත් අතපසුවීම් හා විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තිලක් වරාගොඩ ලේකම්වරයාට මෙම රැස්වීමේදී බරපතල විවේචනයන් එල්ලවී ඇති අතර එහිදී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ බවද වාර්තාවේ.

කෙසේවුවද අවසානයේදී පේෂල් ජයරත්න මහ ලේකම් ලෙස පත්කිරීමට පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම කළ යෝජනාවට සියලුදෙනාගේම එකඟතාව හිමිවූ බවද පැවසේ.

පේෂල් ජයරත්න උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයෙකි.

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය