leader s

ණය අර්බුදය විසඳා ගැනීමටත් ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමටත් ශ්‍රී ලංකාව දරන උත්සාහයට චීනයේ අඛණ්ඩ සහාය හිමි වන බව චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි ප්‍රකාශ කර ඇත.

වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමඟ පැවති හමුවකදී චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි මේ බව පවසා තිබේ.

චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී දෙපාර්ශ්වයට ම වැදගත් වන කරුණු රැසක් සාකච්ඡා කළ බවත් හමුව පිළිබඳ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කර ඇත.



මෙරට ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුව සතුටින්

341207827 245652908023365 3820116912035515612 n

අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියළුම ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් වැඩි විනිවිදභාවයකින් යුතුව එය සිදු කළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකු උප සභාපති මාර්ටින් රේසර් ප්‍රකාශ කර ඇත.

වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මාර්ටින් රේසර් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් පැවැත්වී තිබේ. එම හමුවේදී මාර්ටින් රේසර් මේ බව ප්‍රකාශ කර ඇත.

මෙම හමුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද සහභාගී වී තිබේ.

එසේම මෙම හමුවේ දී පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳවත් අපනයන මුල්කරගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳවත් සාකච්ඡා කළ බව මාර්ටින් රේසර් පවසා ඇත .

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙහි ලා ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලෝක බැංකුව අදහස් සහ මූල්‍ය සහාය ලබා දෙන බවත් මාර්ටින් රේසර් පෙන්වා දී තිබේ.



සබැඳි පුවත් :
'විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම්' - ජනපතිගෙන් ජාත්‍යන්තරයට සහතිකයක්

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්