මෙරට පශු පාලනයේ දී සතුන්ට අසීමිතව දෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය නොකළහොත් අනාගතයේ දී ලංකාවේ ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි පශු ඖෂධ නියාමන අධිකාරිය කෘෂිකර්ම අමාත්‍යාංශයට අනතුරු අඟවා තිබේ.



ගව, කුකුළු, ඌරන් ඇතුළු සතුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත් බොහෝ විට මිනිසුන්ට ලබා දෙන්නේ ද එම ප්‍රතිජීවක ඖෂධ බවත් පශු ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

මෙම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීම මගින් ඔවුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ නිතැතින්ම මිනිස් සිරුරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බවත් මේ නිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාව හෙවත් Antibiotic Resistance තත්ත්වය හේතුවෙන් එම ප්‍රතිජීවක ඖෂධ වල පවතින රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අහිමි වී මිනිසුන් රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ ඉහළ යා හැකි යැයි පශු ඖෂධනියාමන අධිකාරිය අවධාරණය කළේය.

මෙම කාරණය සම්බන්ධව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කර තමන්ට ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පශු ඖෂධ පාලන අධිකාරියට උපදෙස් දී ඇත.

(lankadeepa.lk)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්