තමාගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව දකුණු පලාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ට යවන ලද ලිපියේ සඳහන්

කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට නියමිතව ඇත.

මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් ඒකමතික තීරණයක්ගෙන තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට මෙම ලිපිය යොමුකර තිබුනේ ඉකුත් 25 වැනිදාය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ට ස්ථාන මාරුව ලබාදීමට කලින් අමාත්‍ය ටිරාන් අලස් ගේ ප්‍රධානත්වයෙන් පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 13 ගේ දෙනකුගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබිණ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට යැවූ ලිපියේ ද සඳහන් කර තිබේ.

එම නිසා එම සාකච්ඡාවට සහභාගි වූ පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දහතුන් දෙනා ද කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි කියති.

 

දකුණු පලාත් භළාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ට ස්ථාන මාරුවීම ලබා දෙනු ලැබුවේ ජාතික පොලිස් කොමිසමේ පූර්ණ අනුමැතියට යටත්ව බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක 'ලංකාදීපය'ට පවසා ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව තමාට ලබා දී ඇති අනීතික ස්ථාන  මාරු නියෝගය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක ට ද ලිඛිතව දැනුම් දී තිබිණි.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සිදු කිරීමට බලය ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවට වන අතර එම කොමිෂන් සභාව මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුකිරීම් අනුමත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලයක් ලබාදී නොමැති බව ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ලේකම් වරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට යොමුකර තිබී ලිපිය සැලකිල්ලට ගෙන තිබු ජාතික පොලිස් කොමිසම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන තෙක් ඔහුව කොළඹ පොලිස් මුලස්ථානයට අනුයුක්ත කිරීමට නිර්දේශ කර අනෙකුත් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථානමාරුවීම් අනුමත කර තිබිණ. නැගෙනහිර පලාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය මේවනවිට පුරප්පාඩු වී පවතී.


සබැඳි පුවත් :

අජිත් රෝහණගේ කතාවේ සැඟවුණු කතාව !

පොලිස් කොමිසම තීන්දුවක් ගනී - ස්ථානමාරුවීම් අනුමතයි ! අජිත් රෝහණ තාවකාලිකව කොළඹට

'පුලුවන්නම් මාරු කරන්න' - අජිත් රෝහණ, මහජන ආරක්ෂක ලේකම්ගෙන් 'ගේම' ඉල්ලයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට වහාම ස්ථාන මාරු

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්