leader s

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා හා මුදල් ඇමති ලෙස අගමැතිවරයා විසින් ලබාදී ඇති නියෝගය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි මේවනවිට සාකච්ඡා ආරම්භවී ඇත. 


ඒ අනුව පෙරදා  (24) දිනයේ දී අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල්, මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ද, වාණිජ බැංකු වල ප්‍රධානීන්ද, බැංකු ගණකාධිකාරිවරුන්ද හමුවී එම කාරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර (Small Medium Enterprise - SME) විසින් 2020 වසරේදී ගෙවිය යුතුව තිබු ණය වාරික වසරක කාලයක් තුලදී අත්හිටුවමින් පොලිය පමණක් ගෙවමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ක්‍රමවේදය හා ඒ හරහා මතු වීමට හැකි ගැටළු ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.

ඒ සමගම මීට පෙර බොල් ණය බවට පත්වී තිබූ ණය, 2020 වසර තුළදී පොලිය පමණක් ගෙවමින් නැවත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව ක්‍රමවේදය ගැන එකඟත්වයක් එළඹී තිබේ.

දේපල වෙන්දේසිය නතර කිරීමට...

තවද, මෙම රැස්වීමේදී එකඟ වූ ආකාරයට ගනුදෙනුකරුවන් තම පොලිය නොවරදවා ගෙවන්නේ නම්, දේපල වෙන්දේසිය නතර කරන බවට බැංකු ප්‍රධානීන්ගේ එකඟත්වයද මෙම රැස්වීමේදී පලකර ඇත.

මෙම ක්‍රමවේදය දියත් කරද්දී මතුවෙන ගිණුම් සහ විගණන ගැටලුද මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සඳහා විසඳුම් ලබා දීමට පියවර ගෙන තිබේ.

ජනපතිගේ නියෝගය !

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සියලු බැංකුවල සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට නියෝග කර ඇතැයි මුදල් අමාත්‍යාංශය මිට ඉහතදී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණ.

එම නිවේදනයට අනුව රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවන ලෙස මෙහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු බැංකු වෙත නියෝග කර ඇත.

මෑතදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිසංස්කරණ මූලාරම්භයන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම බැංකුවලට සැලකිය යුතු ඉතිරියක් ලබා දෙන බව අදාල නිවේදනයේ සඳහන්වේ.

මෙලෙස බදු සහන මගින් ඉතිරි වන ලාභය සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් යළි නගා සිටුවීමට අදාළ බැංකු භාවිතා කරනු ඇති බවට රජය අපේක්ෂා කරයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්