leader s

රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන

සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75 ක දඩයක් මත මුදා හැරුණු පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි ට සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීමේ ඉඩක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ටත් විශාල කැළලක් සහ අපකීර්තියක් ඇතිවූ හෙයින් ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැටියට ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය ගන්නැයි පක්ෂ නායකයෝ රැසක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ගෙන් අද (26) පෙරවරුවේ ඉල්ලීමක් කළහ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම පැවැත්වුණේ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

නියෝජ්‍ය කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කරනු ලැබූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චමල් රාජපක්ෂ සහ සී බී රත්නායක යි.

මෙහිදී අදහස් දක්වා ඇති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, පක්ෂ නායකයන් මතු කරන මේ ප්‍රශ්නය කතානායකවරයාට වහාම යොමු කර අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ අනුව නියෝජ්‍ය කතානායකවරයා සහ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, කතානායකවරයා සමග ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරනු ඇත.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට හැකි නීති ප්‍රතිපාදන සම්බන්ධයෙන් විමසීමටද මෙහිදී තීරණය කර ඇතැයි වාර්තා වේ.


සබැඳි පුවත් :

'රත්‍රන් සබ්රි' ට එරෙහිව පියවර ගන්නැයි මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලයි

 

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්