1200 x 80 DMirror

උතුරු නැගෙනහිර පළාත් සිංහල බෞද්ධකරණයට නතු කරගැනීමේ මන්නාරම් ප්‍රයත්නය ගැන මාධ්‍ය හෙළිදරව්වත් සමග එය හකුලා ගැනීමට හමුදාව තීරණය කර තිබේ.


උලියම්කුලම් හි ඉදි කිරීමට සැලසුම් කෙරෙන බෞද්ධ විහාරයක් ගැන ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණු තොරතුරක් සාක්ෂි සහිතව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමට ඉකුත් මැයි 22 වැනිදා එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් සමත්ව තිබිණ.

'' අපි කරපු හෙළිදරව්වත් එක්ක මේ පන්සල හදන මන්නාරමේ 542 බ්‍රිගේඩ් එකේ අණදෙන නිලධාරි මට කතා කරලා පොරොන්දු වුණා පන්සල හදන්නේ නැහැ. ඒ වැඩේ අත්හැර දානවා කියලා,'' යැයි චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා මාධ්‍යයට පැවසිය.

 මන්නාරමේ ස්ථාපිත 542 පාබල හමුදා සේනාංකය මගින් උලියම්කුලම් ප්‍රදේශයේ බෝගසක් රෝපණය කර ඒ වටා බැම්මක් බැඳ මල් ආසනයක් ඉදිකර, බෞද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කර විහාර සැලසුම් පුළුල් කිරීමේ අරමුණින් යුතුව වැඩ අරඹා තිබිණි.

'' දැනටමත් මඩු, මුරුගන්, තිරුකේතීශ්වරම්, සදන් බාර් හා තලෙයි මන්නාරමේ බෞද්ධ පන්සල් තියෙනවා. ඒත් මන්නාරමේ බුද්ධාගමේ පවුල් පනහක් වත් නැහැ.''
 
උතුරු නැගෙනහිර හමුදා කඳවුරු අවට ප්‍රදේශවල මුලින් බෝ පැලයක් සිටුවා එය හැදුනු වැඩුණු පසු බුදු පිළිමයක් තැබීම යුද හමුදාව විසින් දෙමළ පලාත්වල වෙහෙර විහාර ඉදිකිරීම සඳහා 2009න් අනතුරුව ක්‍රියාත්මක කළ උපාය වී තිබේ.
 
බහුතරය පිළිවෙලින් කතෝලික, හින්දුන් සහ ඉස්ලාමිකයන් වන මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු පල්ලිය, උරුමලෙයි ආදම් සහ ඒවගේ සුසානය හා තිරුකේතීශ්වරම් කෝවිල පෞරාණික ආගමික ස්ථාන ලෙස සලකන බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවේ.
 


සබැඳි පුවත් :
පළමුව බෝගස, දෙවනුව පන්සල: මන්නාරමේත්

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්