leader s

ඕනෑම පුද්ගලයෙකුට චෝදනාවක් ඇත්නම් ඒවා නිසි ලෙස විභාග කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, එසේ නැතිව පෙර පැවති ආණ්ඩුව මෙන් මේ ආණ්ඩුවද පාණ්ඩුවක් කර නොගන්නා ලෙස තමන් වත්මන් ආණ්ඩුවේ බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවත් නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

රෝහල් ගතවසිටියදී අත්අඩංගුවට පත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ සුවදුක් බැලීමට වැඩම කළ තමන්වහන්සේට එල්ල වී ඇති චෝදනා ගැන පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ එබව කියා සිටියහ.
තමන් වහන්සේ රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් බැලීමට ඔහු නේවාසිකව සිටින රෝහල වෙත ගියේ මනුෂ්‍යත්වය සලකා බවද උන්වහන්සේ සඳහන් කළහ.

තමන් ගිය ගමනට විරුද්ධ ව විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවද උන්වහන්සේ පැවසූහ.

ඊට හේතු වී ඇත්තේ එම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කිරීමට තිබූ සූදානම තමන් වහන්සේ විරුද්ධ වී නවතා දැමීම නිසා බව ද උන්වහන්සේ සඳහන් කළහ.

වීඩියෝ 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්