75 වසරක රාජ්‍යතාන්ත්‍රික මෙහෙවර සැමරීම නිමිත්තෙන් විදේශ කටයුතු අමාත්‍යංශය 2023 ජූනි 2 වැනි සිකුරාදා දින, Symphony Orchestra of Sri Lanka (SOSL) සමඟ එක්ව ශාස්ත්‍රීය සංගීත සන්ධ්‍යාවක් ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වී ය.



‘ඉන්ටර්නැෂනල් හාර්මනි’ සංධ්වනිය හරහා පෙරදිග හා අපරදිග සම්ප්‍රදායන් හි සුප්‍රසිද්ධ සංගීත නිර්මාපකයන්ගේ සංගීත නිර්මාණවල සුසංයෝගයක් ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලංකාව තම සමීප රටවල් සහ දුරස්ථ රටවල් සමඟ පවත්නා දීර්ඝකාලීන මිත්‍ර සබඳතා මෙම සංධ්වනිය හරහා විදහා දැක්විණි.

තවද, හුදු සැමරුම් උත්සවයකට පමණක් සීමා නොවී, උතුම් අරමුණක් පෙරදැරි කරගත් මෙම ප්‍රසංගය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ ළමා ස්නායු ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සඳහා ආධාර රැස් කරන ලදී.

මෙහිදී වාදනය කළ, ලරෝයි ඇන්ඩසර්සන්ගේ විචිත්‍රවත් නිර්මාණයක් වන, ටම්ප්‍රට් ත්‍රිත්වය සමඟ වැයෙන  “බියුග්ලර්ස් හොලිඩේ” (Bugler’s Holiday), උද්‍යෝගය දනවන සංගීත නිර්මාණයක් වන බාඕ යුවාන්කායිගේ “ඩයලොග් ඔන් ෆ්ලවර්ස්” (Dialogue on Flowers), විශ්වනාත් ලවුජිගේ විශිෂ්ඨ නිර්මාණයක් වන “දන්නෝ බුදුන්ගේ” (Danno Budunge), එඩ්වඩ් එල්ගර්ගේ අද්විතීය නිර්මාණයක් වන “පොම්ප් ඇන්ඩ් සර්කම්ස්ටන්ස් මාර්ච් නම්බර් ෆෝ” (Pomp and Circumstance March No.4), හැඟීම් දනවන නිර්මාණයක් වන ඒ. ආර්. රහ්මාන්ගේ “කාදල් රෝජාවේ” (Kadhal Rojave)  යන සංගීත නිර්මාණ මෙන්ම  පෙර අපර දෙදිග විශිෂ්ඨ සංගීත කණ්ඩ කිහිපයක් මෙහිදී වාදනය කෙරුණු අතර, ප්‍රේක්ෂකාගාරය ඉන් අමන්දානන්දයට පත්විය. සොප්‍රානෝ ගායිකාවක් වන  දිමිත්‍රි ගුණතිලක ගායනා කළ ජෝර්ජ් බිසෙට්ගේ "කාමන්" (Carmen) හි "හබනේරා" (Habanera) ගායනය හරහා ද ප්‍රේක්ෂකාගාරය මුසපත් කිරීමට හැකිවිය.

භාෂාව හරහා මතුව ඇති බාධක අභිබවා සුහදත්වය සහ මනුෂ්‍යත්වය වර්ධනය කිරීමෙහිලා විශ්ව භාෂාවක් වන සංගීතය සතු හැකියාව, පෙර  අපර දෙදිග සංගීත භාණ්ඩවල සුසංයෝගයක් බවට පත් වූ ආකාරය මෙම ප්‍රසංගය ඔස්සේ මැනවින් විදහා දැක්විණි.

Symphony Orchestra of Sri Lanka යනු දකුණු ආසියාවේ පැරණිතම වාද්‍ය වෘන්දයකි.

මෙම සැමරුම් උත්සවය සහ එමගින් ප්‍රවර්ධනය වන මානුෂීය අරමුණ කෙරෙහි දක්වන ගෞරවයක් වශයෙන්, ප්‍රසංගය හරහා ලැබෙන සියලුම අරමුදල්  රිජ්වේ ආර්යා රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත ලබා දීමේ අරමුණ සහිතව මෙම වාද්‍ය වෘන්දය මෙම ප්‍රසංගය සමඟ සම්බන්ධ විය. කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල මෙන්ම සුභපතන්නන් මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දුන් දායකත්වය විදේශ කටයුතු අමාත්‍යංශය අගය කරයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් සහ නියෝජිතයින්, කොළඹ සිටින නිර්වේතනික කොන්සල්වරුන්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, Symphony Orchestra of Sri Lanka හි කළමනාකාරීත්වය සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහ කලාකරුවන් පිරිසක් මෙම අවස්ථාවට සහාභාගී වූහ.

img 1peg

img 3

img 2
 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්