රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට මහරගම අපේක්ෂා රෝහල වෙත මිලදීගත්

ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය අක්‍රීය වීමෙන් එන්නත් අපේක්ෂාවෙන් පසුවන රෝගීන් මාස හයක සිට දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රයට යොදන එෆ්.ඩී.ජී නමැති ප්‍රතික්‍රියක රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් මුදල් ප්‍රතිපාදන ලබා නොදීම නිසා බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.

ඒ හේතුවෙන් පිළිකා රෝගීන්ගේ රෝග විනිශ්චය හා ඊට අදාල ප්‍රතිකාර ක්‍රම සැලසුම්කරණ පෙට් ස්කෑනර් යන්ත්‍රය ද මේ වන විට සම්පූර්ණයෙන්ම පරීක්ෂණ කටයුතු නවතා දමා ඇති බවත් පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ නියමිත දිනට කර ගැනීමට නොහැකිව රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවත් පැවසේ.

මෙම යන්ත්‍රය රුපියල් මිලියන 40 හෙවත් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදී ගෙන ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ පරිහරණය සඳහාය. එහෙත් වෙනත් රෝහල්වල ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු ද මේ තුළින් සිදුකර තිබුණි.

එහෙත් 2021 වසරේ සිට විටින් විට එම එන්නත් කරණය සඳහා භාවිතා කරන සම්බන්ධක කැතීටර සැපයුමට බාධා එල්ල වීම නිසා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් පමණක් නොව වෙනත් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ද දුෂ්කරතාවයට පත්ව තිබේ.

මේ අතර අදාල ගැටළුවට හේතුව එෆ්.ඩී.ජී ප්‍රතික්‍රීයක රසායනික ද්‍රව්‍ය මිළදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් නොලැබීම නිසා බව රෝහල් බලධාරීන් තමන් සමඟ පැවසූ බව ද විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

scan 01

scan 02

(lankadeepa.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image