දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කොළඹ 03 පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.


යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ ජන හමුවක් අතරතුර ඇති වු ආරවුලක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, ජයපුරම් පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ප්‍රමුඛ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (07) උදැසන 6.30 ට පමණය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව පැවසුවේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ජුනි 06 වැනිදා කරුණුවාර්තා කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ලබා ගත් බවයි.

ඒ, මෙම ආරවුල තවදුරටත් දිග්ගැස්සෙමින් තිබියදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ තම කොළඹ නිවසට පැමිණි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් සිංහල බසින් ලියන ලද ලියවිල්ලක් තමන් වෙත දුන් බවය.

තමාට සිංහල බස ලිවීමට හෝ කියවීමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂප කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි.

GP twවඩමාරච්චි සංවිධායකවරියත් අත්අඩංගුවට...


දෙමළ ජාතික ජනතා පෙරමුණේ නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ සංවිධායකවරිය වන ජේගදීස්වරි සද්ගුණදේවි (අරුල්මති) ජුනි05 උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේද මේ පසුබිම තුළය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ මරුදන්කේනි මහජන ක්‍රීඩා පිටියේ ඇතිවු සිද්ධියට අදාළව පොලිසියේ රාජකාරියට බාධා කිරිමේ චෝදනා මත ඇය අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම එම සිදුවීමේ දී පොලිස් රාජකාරියට බාධා කිරිමට අදාළව තවත් කිහිප දෙනෙකුම හඳුනාගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම අදාළ සිදුවීම පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට වැඩිදුරටත් කියා සිටියේය.


ආරවුල මොකද්ද?



පාර්ලිම්න්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ තරුණ ක්‍රීඩකයන් පිරිසක් හමුවීමට පසුගිය 02 වැනිදා (සිකුරාදා) ගොස් ඇත්තේ ක්‍රිඩා සමාජයේ ආරාධනයෙනි.

මරුදන්කේනි මහජන ක්‍රීඩා පිටියේ ගසක් යට සාකච්ඡාව පැවැත්වෙන අතරතුර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මන්ත්‍රීවරයා පිටුපසින් සිට ඇත.

මොවුන් කෙරෙහි සැක පළ කළ එම පක්ෂයේ සාමාජිකයකු ඔවුන් වෙත ගොස් ඔවුන් පැමිණි කාරණය විමසු විට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් බවත්, එහි පැමිණියේ නීත්‍යානුකූල නොවන බව කියන රැස්වීමක් ගැන විමර්ශනය කිරීමට යැයි පවසා තිබේ.

මන්ත්‍රීවරයා පවසන්නේ ඔවුන් හැඳුනුම්පත ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් එක් අයකු ඉන් ඉවත්ව යාමට උත්සාහ කිරීමේදී එම පුද්ගලයා වැළැක්වීමට උත්සාහ කළ බවයි.

“ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කළ විට, ඔහු මට හෙල්මට් එකෙන් ගහලා පැනලා ගියා.” ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා පවසා තිබුණි.

zsdwe

 Kulanthi Silva
මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිසිය අතර යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ දී ඇති වූ සිද්ධිය සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබිණ.


සබැඳි පුවත් :
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම: ඇමති ටිරාන් වාර්තාවක් කැඳවයි

ගජේන්ද්‍රකුමාර් සමග ගැටුම : වඩමාරච්චි මරුදන්කේනි මහජන ක්‍රීඩා පිටියේදී සිදුවුණේ කුමක්ද?

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්