ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයිද වාර්තා වෙයි.

එහි සෙසු කොමසාරිස්වරුන් අතර දැනට මැතිවරණ කොමිසමේ සභාපතිත්වය දරන නීතිඥ නිමල් පුංචිහේවා ද වන බව වැඩිදුරටත් වාර්තා වේ.

මේවනවිට මෙම කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ යි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම පත්වීම සිදුකර තිබිණ.

ඇය එම තනතුරට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තහවුරු කරලීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකරනු ලැබුවාය. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image