දුම්රිය තවදුරටත් දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යමින් ගොඩ ගැනීමේ හැකියාවක් නොමැති බවත්,

දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කළයුතු බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

දෙපාර්තමේන්තුවකට වාණිජ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වීම නිසා වරාය අධිකාරිය, ටෙලිකොම් යන ආයතනය සංවර්ධනය කළ ආකාරයට ආයතනයේ සුළු සේවකයෙකුට හෝ හානියක් නොවන ලෙස රැකියාවේ, විශ්‍රාම වැටුපේ සුරක්ෂිතතාවය ආරක්ෂා වන පරිදි දෙපාර්තමේන්තු නිලධාරීවාදයෙන් මිදී අධ්‍යක්ෂ මණ්ඩල පාලනයක් යටතේ ක්‍රියාත්මක වන ක්‍රමයකට අපි යා යුතු බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා එබව කියා සිටියේ, දුම්රිය රියදුරු සංගමේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.



'' ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව මා පසුගිය කාලය තුළ විශාල හැදෑරීමක් කළා. සිදු කළ යුතු විශාල ප්‍රමාණයේ වෙනස්කම් රාශියක් පැවතුනත් ඒ සඳහා යෙදවීමට මුදල් ප්‍රතිපාදන නැහැ. ඊට මා දකින ප්‍රධානම හේතුව දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම් වියදම් ගිණුම්කරණය පිළිබඳ ඉතාමත් අකාර්යක්ෂම වීම. සංඛ්‍යා දත්ත නොමැතිව හැඟීම් ආවේග වලින් පමණක් ආයතනයක් දියුණු කළ නොහැකියි. බොළඳ දේශපාලන අර්ථකථන මත ආයතන මෙහෙයවීම වරදක්.''



''විසඳිය හැකි ඕනෑම ගැටළුවක් කැබිනට් මණ්ඩලය, ජනාධිපති, අගමැති සමඟ සාකච්ඡාකර විසඳුම් ලබා දීමට මා සුදානම්. දුම්රිය ක්ෂේත්‍රයේ සියළු වෘත්තීය සමිතිවලින් මා කල එකම ඉල්ලීම දේශපාලන අරමුණ වලින් සිදුකරන වර්ජන වලට එක් නොවන ලෙසයි.

පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඉතා යහපත් ව්‍යාපෘති පවා ඇතැම් නිලධාරීන් ලබා දුන් වැරදි උපදෙස් හේතුවෙන් අහිමි වී ගියා. එම නිසා ඉදිරියේදී කිසියම් රජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ යෝජනාවක් නැවත වෙනස් කරනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුවෙ විශේෂ අනුමැතියක් ලබා ගත යුතු බවට පනතක් ඉදිරිපත් කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී  ඩබ්.ඒ.ඩී.එස්.ගුණසිංහ, දුම්රිය අතිරේක සාමාන්‍යධිකාරීවරුන්, වෘත්තිය සමිති නිලධාරීන්ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

{gallery}Bandula Gunawarshana{/gallery} 

 

  JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image