එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය සඳහා සහභාගීවීම ට සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී හෝටල් පහසුකම් සැපයීම ප්‍රමාදවිම හේතුවෙන් එම

ක්‍රීඩකයින් දැඩි අපහසුතාවකට පත්වීම සම්බන්ධයෙන් මේ වනවිට  දැඩි කතාබහක් මතුව ඇත.

පැය 20 ක පමණ දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව සිම්බාබ්වේ දේශයට ළගා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බුලවායෝහි වෙන්කර තිබූ හෝටලයට පැමිණ පැය 3 ක් පමණ ගතවන තුරු ඔවුන්ට හෝටල් කාමර වෙන් කිරීම සිදුව නොතිබිණ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අදාළ හෝටලයේ ප්‍රධාන පිවිසුමේ බිම වාඩි වී ගිමන්  හරින ආකාරය දැක්වෙන ඡායාරූපද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබිණ.


352081173 724168783048308 8057341177233464989 n

එම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමට සුළු වේලාවකට පෙර තවත් ක්‍රිකට් කණ්ඩායමක් අදාළ හෝටලය වෙත පැමිණ ඇති බවත් එහි පරීක්‍ෂා කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් සිදුව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

කෙසේවෙතත් එම තත්ත්වය පිළිබද හෝටල් කළමණාකාරිත්වය දැනුවත් කිරීමට සිය ආයතනය කටයුතු කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ එම ගැටළුව විසදා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.

 

43d9bf50 08e9 11ee b5af 25e80c61c11a

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image