හෙටින් (26) ආරම්භ වන සතියේ කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය,

ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට වට්ස්අප් පණිවුඩයක් මාර්ගයෙන් මෙම දැනුම් දීම කර ඇතැයි දැනගන්නට ඇත.

එසේ වුවද ඒ කුමන කාරණයක් නිසා ද යන්න මැති ඇමතිවරුන්ට මෙතෙක් දැනුම් දී නැති බව ද දැනගන්නට ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන එන බැවින්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස සහ පිටරට නොයන ලෙස දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා, ලබන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුව කැඳවීමට ද නියමිතව ඈතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් එකඟතාව අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කර ගැනීම සඳහා ලබන සතියේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට යන බව වාර්තා වේ. මෙම පාර්ලිමේන්තු රැස්වීම ඉදිරි සතියේ සෙනසුරාදා සහ ඉරිදා දෙදිනක සැසියක් ලෙස පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.



මේ අතර ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ විදෙස් සංචාර ද මේ සතියේ නතර කර ඇතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ඔවුන්ට දන්වා ඇත.

ලන්ඩනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට දිවයිනට පැමිණි පසු, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ලබන 28 (බදාදා ) පැවැත්වෙන බවද ආණ්ඩු පක්ෂ කාර්යාලය දන්වා ඇත.

සබැඳි පුවත් :

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි!

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්