රජය සහ මුදල් අමාත්‍යංශය සාකච්ඡා කර මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය කාලය

ලබාගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල ජනතාවගේ තැන්පත් මුදල්වට හෝ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (25) පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය වන බව කී මහ බැංකු අධිපතිවරයා, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ඇතුළු අනුකුත් කමිටුවල සාකච්ඡා කිරීමට සහ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට කාලය අවශ්‍ය බව ද සඳහන් කළේය.

බැංකු නිවාඩුවක් දී තිබුණ ද සමාන්‍ය නිවාඩු දිනයකදී ක්‍රියාත්මක වන ඒ.ටී.එම්. බැංකු කටයුතු සහ අන්තර්ජාල බැංකු කටයුතු ඇතුළු සියලුම මුදල් හුවමාරු කිරීම්වලට බාධාවක් නොමැති බවත් සියලුම අත්‍යවශ්‍ය බැංකු කටයුතුවලට කිසිඳු බාධාවක් නොමැති බවත් මහ බැංකු අධිපති කීය.

මුදල් අමාත්‍යංශය කළ සාකච්ඡා අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩි දුරටත් පැවසීය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (25) පස්වරුවේ එසේ පැවසීය.



30 වෙනිදා ගැන තවත් විශේෂ දැනුම්දීමක්


ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.



 මේ අතර අදින් (26) ආරම්භ වන සතියේ කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය, ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇත. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට වට්ස්අප් පණිවුඩයක් මාර්ගයෙන් මෙම දැනුම් දීම කර තිබේ.


ආණ්ඩුව පාර්ශ්වයෙන් පොහොට්ටුවේ සියලු මැති ඇමැතිවරුන්ට පසුගිය සෙනසුරාදා විශේෂ පණිවුඩ දෙකක් යොමු කෙරිණි. ඉන් එක් පණිවුඩයක දැක්වී තිබුණේ මෙවැන්නකි.

‘2023 ජුනි මස 28 වැනි දින ප.ව. 5ට කොළඹ 01 ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගරු ජනාධිපතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්වේ. ඒ සඳහා අනිවාර්යයෙන් සහභාගි වන මෙන් කාරුණිකව දන්වමි.’

දෙවැනි පණිවුඩයේ සටහන් වූයේ මෙවැන්නකි.

‘එසේම 2023 ජුනි මස 30 වැනි දින සහ එම සති අන්තය විදේශගත වීම්වලින් වළකින් ලෙසත්, එම දිනවල පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡා සඳහා සහභාගි වීමට කොළඹ රැඳී සිටින ලෙසත් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වැඩිදුරටත් දන්වමි.’


සබැඳි පුවත් :


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන හර්ෂගේ ස්ථාවරය ?

එළඹෙන සතිය තීරණාත්මකයි : ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක් !

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි!

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්