leader s

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව

මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණයට රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.

මේ අතර ඉකුත් වසරේ මැයි මස 9 වන දා ගාලු මෝදර "ගෝඨා ගෝ ගම" අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන්  නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කර ලිපියක් ද අභියාචනාධිකරණය විසින් බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.‍


පොලිස්පතිගේ සේවා දිගුව අදින් අවසන් !


පොලිස්පති සී ඩී වික්‍රමරත්නට ලබාදී තිබූ තුන් මසක සේවා දිගුව අදින් අවසන් වේ.

ඒ අනුව හෙට දිනයේ සිට පොලිස්පති ධූරය පුරප්පාඩුව පවති.

කෙසේවුවද පොලිස්පති සී ඩී වික්‍රමරත්නට යළි සේවා දිගුවක් ලබාදෙන්නේ ද නැතිනම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරය සඳහා පත්කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තීන්දුවක් ගැනීමට නියමිතබව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

පසුගිය මාර්තු 27 දා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරය සඳහා පත්කිරීමේ සුදානමක් පැවතිය ද ඔහුට එරෙහිව පැවති නඩු කටයුතු නිසා එම අවස්ථාව ඇහිරින. 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්