අස්වැසුම අඩු ආදායම්ලාභී සහනාධාර වැඩසටහන සදහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ගැටළු රැසක් මතුවීමට හේතුව ඒ සදහා යොදාගත් මෘදුකාංගයේ දෝෂයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.



ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ දින (26) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

නිලධාරීන් අතින් අඩුපාඩු සිදුවුවද මෙතරම් ගැටළු ප්‍රමාණයක් මතුවීමේ ඉඩකඩක් නොමැති බව ඔහු එහිදී අවධාරණය කළේය.

තවදුරටත් කරුණු පැහැදිලි කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ පැවසිය.

''අස්වැසුම සහනාධාරය අවුල් කර ඇත්තේ පරිගණක මෘදුකාංගයක්''

'' අස්වැසුම සහනාධාරය ලබා දීම සඳහා කරපු සමීක්ෂණය හේතුවෙන් අවුල් ජාලයක් ඇති වෙලා තිබෙනවා. මම කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කලපලුවාව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පුළුල් සමීක්ෂණයක් කළා. ඒ කොට්ඨාශයේ සමෘද්ධිලාභින් සහ පොරොත්තු ලේඛණගත අය 66ක් සිටියා.  දැන් අස්වැසුම ලබන්න සුදුසුකම් ලබලා තිබෙන්නේ 21යි.  ඒ අතර විශ්‍රාම වැටුප් ලබන අයෙක්  තට්ටු තුනක නිවාසයක් තිබෙන අයෙක් වගේම පොලී මුදලාලි කෙනෙකුත් ඉන්නවා.  

ඒ අතරේ දරුවන් පස්දෙනෙකු, ආබාධිත තාත්තා කෙනෙකු සහ ආදායමක් නැති අම්මා කෙනෙකු සිටින පවුලකට සමෘද්ධිය අහිමි කරලා.  පිලිකා රෝගි මවක් සහ වැඩිහිටි දියණියක් පමණක් ඉන්න පවුලකටත් රැකියා විරහිත මවක් සහ පාසල් යන දියණියක් ඉන්න පවුලකටත් සමෘද්ධිය අහිමි කරලා. අරුම පුදුම වැඩේ කියන්නේ අස්වැසුම අයදුම් නොකල කෙනෙකුටත් රු15,000ක මාසික දීමනාවක් අනුමත කරලා.

 

නිලධාරින් පිස්සු නැටුවත් දේශපාලකයින් පිස්සු නැටුවත් මෙහෙම පිස්සුවක් වෙන්න බෑනෙ.  ඒ නිසා සමීක්ෂණ නිලධාරියෙකුගේ සහයෙන් මම දත්ත බැංකුවට ඇතුළු වෙලා බැලුවා.  ඒක පිස්සිගේ පලා මල්ල වගේ.  මාසික වියදම රු 45,000 කියා දත්ත ඇතුළු කළ කෙනෙකුගේ මාසික වියදම ලෙස දත්ත බැංකුවේ තිබෙන්නේ රු111,200ක්.  අත්දැකීමක් නැති නිසි පුහුණුවක් නැති සමීක්ෂණ නිලධාරින් අතින් වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රමානයට වැරදි වෙන්න බෑ. ඒ නිසා මේක මෘදුකාංගයේ දෝෂයක් ලෙසයි අපි හදුනා ගන්නේ. 

 

ප්‍රතිලාභි පවුල්වල සාමාජිකයින් වර්ග කරන විට වයස් කාණ්ඩ තුනයි. 14 අඩු, 14-65 සහ 65ට වැඩි. එතකොට පාසලේ සාමාන්‍ය පෙල කරන දරුවන් උසස් පෙල කරන දරුවන් සරසවි දරුවන් යැපෙන්නන් විධියට මේ දත්ත බැංකුවේ සලකලා නෑ.  ඒ වගේ මූලධාර්මික වැරදිත් මේ දත්ත යෙදවුමේ තිබෙනවා.

දැන් මේ වැරැද්ද නිවැරදි කරන්න අභියාචනා කරන්න අවස්ථාවක් ලබා දීලා තිබෙනවා.  නමුත් ඒ දත්තත් ඇතුළු කරන්නේ අර දෝෂ සහගත දත්ත බැංකුවටම තමා.  ඒ නිසා මේ අභියාචනා අවස්ථාවෙන් ප්‍රශ්නය විසඳේවි කියා බලාපොරොත්තු වෙන්න බෑ. නියදි දත්තයන් භාවිතාකරමින් පරීක්ෂා කරලා මේ මෘදුකාංගයේ දෝෂ හදුනාගැනීම කළ යුතුයි.  සමීක්ෂණ නිලධාරින් නිසි ලෙස පුහුණු කර  අයදුම්පතක් ලබා දී ඒවා නිවාස හරහා පුරවලා ඒ තොරතුරු දත්ත බැංකුවට ඇතුළු කරලා තවත් නිලධාරියෙකු ලවා දත්ත නිවැරදි ලෙස ඇතුළු කරලා ද කියන එක පරික්ෂා කළ යුතුයි කියා අපි යෝජනා කරනවා.  එමගින් මෘදුකාංග දෝශයක් ඇත්තනම් සොයාගන්න පුළුවන්. එහෙම නොකළොත් මේ අවුල්ජාලය ආන්ඩුවේ අවසානයේ ආරම්භය බවට පත්වීය හැකියි කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.''




සබැඳි පුවත් :

අස්වැසුම ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්

අස්වැසුම හොඳයි, කරන විදිහ වැරදියි - විපක්ෂ නායක

අස්වැසුම ගේනවා කියලා සමෘද්ධියට වැඩේ දීලා - මරික්කාර්

චූන් ඉවරයි ! - එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක් !!

සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට

සමෘද්ධි බැංකුව ගැන තීරණයක්

ජූලි සිට සමෘද්ධිය අහිමිවන්නේ කාට ද ?



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්