දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනා සම්මතයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පළවිය.



ඒ, එම කාරක සභාව අද (30) පස්වරුවේ එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

බහුතර සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ඊට අනුමැතිය පළ කළහ.

විවිධ පරස්පර විරෝධී අදහස් හේතුවෙන් මුදල් කාරක සභාව යම් යම් අවස්ථාවලදී උණුසුම් තත්ත්වයක් ගෙන තිබූ බව වාර්තා වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සම්මතයරජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී දෙවැනි දිනටත් අද (30) සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙසේ අනුමැතිය පළවිය.

එම රැස්වීමේ මුල් වටයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

කාරක සභාව බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය අරමුදල් සහ ආයතන හිමියන් සමඟ දෙවැනි සාකච්ඡා වටය පැවැත්වීය.

මේ අනුව රාජ්‍ය මුදල් කාරකසභාව පුළුල් සාකච්ඡාවලින් අනතුරුව, සංශෝධනවලට යටත්ව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය ලබා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද මෙම කාරකසභාවට සහභාගී වී සිටියේය.



පාර්ලිමේන්තු විවාදය හෙට

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (01) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

ඒ, එම කාරක සභාව අද (30) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.  

ඒ අනුව හෙට (01) පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇත.

ඉරිදා දින මෙම විවාදය නොපවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කළේ ය.

එමෙන්ම ලබන 4 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමටත්, එදිනට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු 7 වැනි සිකුරාදා විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.



සබැඳි පුවත් :

මරික්කාර් සජබ තීන්දුව එළියට දමයි !

මිලියන 52ක තැන්පතුකරුවන්ගේ තැන්පතු සුරක්ෂිත ද?

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන බයවෙන්න එපා - මහාචාර්ය අමින්ද මෙත්සිල

බැංකු තැන්පතු වලට කිසිම බලපෑමක් සිදු වන්නේ නෑ - ජනාධිපති

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය යනු කුමක් ද?

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්