හන්දි ගානේ යුක්තිය පසිඳලීම නොදියුණු ගෝත්‍රිකයන්ගේ සම්ප්‍රදායක් මිස දියුණු සමාජයක ලක්ෂණයක් නොවන බවත්, කවර වර්ගයේ වරදකට වුවද ව්‍යවස්ථාපිත ආයතන වලින් පරිබාහිරව දඬුවම් දීමට කිසිඳු

පුරවැසියෙකුට අයිතියක් නොමැති බවත් 'එක්සත් මහජන පක්ෂය' UPP) අවධාරණය කර සිටියි.

'එක්සත් මහජන පක්ෂයේ' ප්‍රචාරක ලේකම්, චමින්ද ගුණසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එම පක්ෂයේ නායකයා යි.

චමින්ද ගුණසිංහ නිකුත්කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.


358125719 229372566713035 4548963552365267417 n



පසුගියදා කාන්තාවන් දෙදෙනෙකු සහ චීවරධාරියකු සම්බන්ධ කර ගනිමින් ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල සංසරණය වූ වීඩියෝ පටයට අදාළව අප පක්ෂයේ අදහස විවෘතව සමාජගත කිරීමට කැමැත්තෙමු..

අදාල චීවරධාරියා ගේ හැසිරීම කිසිදු අයුරකින් අනුමත නොකරන අතරම ඒ සම්බන්ධයෙන් රටේ පවත්නා මූලික නීතිය යටතේ හෝ සංඝාධිකරණයක් හමුවේ හෝ එම ස්ථාන දෙකෙහිම ගත ඉහළම ක්‍රියාමාර්ග වේ නම් එය ගත යුතු බවට තර්කයක් නැත.

 ඊට හේතුව මෙවැනි චීවරධාරීන් විසින් මේ වනසමින් සිටින්නේ ලොව අග්‍රගණ්‍යම දහමක ගෞරවණීයත්වය වන නිසාය.


 අනෙක් අතට මෙම සිද්ධිය අවස්ථාවේ දායක සභාවේ යැයි කියාගන්නා පිරිස හැසිරුණු ආකාරය චීවරධාරියා ගේ හැසිරීම තරම්ම අපුල දනවයි. කාන්තාවන් දෙදෙනාට සහ එම චීවරධාරියාට පහරදීම, එම කාන්තාවන් දෙදෙනා ව නිරුවත් කිරීම, එසේ නිරුවත් කිරීමට දරන උත්සහයක් සහ එම සිදුවීම වීඩියෝ ගත කිරීම, ඒවා ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම කිසිදු අයුරකින් සදාචාරයෙන් හෝ නීතියෙන් සමාව නොදිය යුතු පන්නයේ වැරදිය.
 රටක සමාජය තුළ දෛනිකව දහස් ගණනින් විවිධ පන්නයේ  අපචාර, අපරාධ, නීති විරෝධී ක්‍රියා සිදුවන බව ඇත්තකි. ඒ සෑම සිදුවීමකට ම එරෙහිව සාමාන්‍ය පුරවැසියන් නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ දඬුවම් ලබාදීමට කටයුතු කළහොත් සමාජය කවර තත්වකට ඇද වැටෙනු ඇද්දැයි සිතා බලන්න.

 අනෙක් අතට මෙවැනි සිදුවීමකට අවි අමෝරන ප්‍රාදේශීය චන්ඩින් තම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව හෝ වෙනත් අපරාධකරුවන් ට එරෙහිව පොලීසියට ඔත්තුවක් දීමට තරම්වත් එඩිතර ද, නැත. තැලෙන යකඩ හසු වූ විට උඩ පැන පැන තැලීම නිවටකමකි.

ඒ නිසා පක්ෂයක් ලෙස මෙම සිදුවීමට සම්බන්ධ දෙපාර්ශවයටම එරෙහිව නීතිමය රාමුව තුළ දඬුවම් කිරීමට පමණක් අප එකඟය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අප පක්ෂයේ නායක ටිරාන් අලස් මහතා මීට සම්බන්ධ පාර්ශවයන් අත්අඩංගුවට ගැනීම සහ කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් අප ආඩම්බර වන්නෙමු.'


සබැඳි පුවත් :
කතුන් දෙදෙනා නිරුවත් කිරීම : සැකකරුවන් 08 දෙනෙකු රිමාන්ඩ් !
කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පහරදීම : ඇමති ටිරාන්ගෙන් නියෝගයක්

Screenshot 2023 07 07 at 12.18.55 PMJW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්