උතුරු නැගෙනහිර දෙපළාත නියෝජනය කරන දෙමළ මන්ත්‍රීන් සහ ජනාධිපති වික්‍රමසිංහ අතර

විශේෂ හමුවක් ලබන 18දා (අඟහරුවාදා) සවස 3.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

දැනටමත් මේ හමුව සඳහා එම ප්‍රදේශවල මන්ත්‍රීන්ට ඇරුයුම් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර මෙම හමුව යොදාගෙන ඇත්තේ උතුරු නැගෙනහිරට බලපාන දේශපාලන හා සමාජීය කාරණා සම්බන්ධයෙන් දෙපාර්ශ්වයට එකඟ විය හැකි කරුණු ගැන සාකච්ඡා කිරීමට බව රජයේ ආරංචි මාර්ග කියයි.

දෙමළ දේශපාලන සිරකරුවන්, උතුරේ අතුරුදහන් වුවන් සහ උතුරේ ඉඩම් ප්‍රශ්නය පිලිබඳ කාරනා මෙහිදී විශේෂ අවධානයට ලක්ව ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.


සබැඳි පුවත් :

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්