යුද්ධයෙන් වැඩිම හානියට පත් වන්නියෙන් මතුවූ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු ලබන මස මුල් සතියේදී යළි ආරම්භ කිරීමට අධිකරණය තීන්දු කළ සාකච්ඡාවේදී, වින්දිතයන් වෙනුවෙන් මැදිහත් වන නීතිඥයන්ට

රජයේ ඔත්තු සේවාවලින් එල්ලවන බියවැද්දීම් සම්බන්ධයෙන් අධිකරණයේ අවධානයට යොමුකර තිබේ.

මුලතිව් අධිකරණයේදී අගෝස්තු 31 වැනිදා පැවැති සාකච්ඡාවකින් අනතුරුව නීතිඥ නීතිඥ වී. එස්. නිරන්ජන් සඳහන් කළේ, සැප්තැම්බර් 5 වැනිදා කැනීම් කටයුතු ආරම්භ කිරීමට මුලතිව් දිසා විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් නියෝග කළ බවයි.

"අද නඩුව කැදවපු වෙලාවේ ආරාධනා කරපු දෙපාර්තමේන්තු නිලධාරීන්, OMP කාර්යාලයේ නිලධාරීන්, ඉදිරිපත්වෙලා තිබුනා. මුලික පියවර කොහොමද කරන්න ඕනේ කියලා සාකච්ඡා කරා. මේ ආකාරයෙන් ලබන මාසේ 5 වැනිදා කැනීම් කටයුතු කරන්න තීරණය අරගෙන තියෙන්නේ."      

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.


 එහි ඉදිරි කැනීම් කටයුතු සම්බන්ධයෙන් තිරණ ගැනීම සදහා මුලතිව් අධිකරණයේ අගෝස්තු 31 වැනිදා පැවැති සාකච්ඡාවේදී එයට සහභාගී වු නීතිඥයන් කිහිප දෙනකු විනිසුරුවරයාට දැනුම් දී ඇත්තේ අගෝස්තු මස 10 වැනි දින සමුහ සුසානය නිරීක්ෂණය කිරීමට ගිය නීතිඥයන්ගේ පුද්ගලික විස්තර සහ පැමිණි වාහන වල තොරතුරු ඉල්ලමින් බුද්ධි අංශ නිලධාරීන් තමන්ට තර්ජනය කළ බවයි.


බුද්ධි අංශ නිලධාරීන් විස්තර ඉල්ලමින් තමන්ට ද තර්ජනය කළ බව කොක්කුතොඩුවායි ග්‍රාම නිලධාරිවරයාද අධිකරණයට දැනුම් දී ඇත.

රහසිතගව තම රාජකාරි සිදු කරන පිරිසක් වන බුද්ධි අංශ නිලධාරීන් මෙවැනි ආකාරයෙන් එළිපිටම තොරතුරු ඉල්ලීම තර්ජනයක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් එහිදී කරුණු පැහැදිලි කරමින් විනිසුරුවරයාට පෙන්වා දී ඇත.

එම තර්ජනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලෙස කොක්කුලායි පොලිස්ථානාධිපති විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී විනිසුරු විනිසුරු ටී. ප්‍රදීපන් පොලීසියට නියෝග කර ඇත්තේ අධිකරණයේදී නීතිඥයන් සිදු කළ තොරතුරු පදනම් කරගනිමින් විමර්ශන සිදු කරන ලෙසයි.



පළමුවරට කැනීම ජුලි 06


මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් ජුනි 29 වැනිදා අහම්බයෙන් හමුවු කොක්කුතුඩුවායි භුමිය ජුනි 30 වැනිදා නිරීක්ෂණය කරමින් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා නියෝග කර තිබුනේ ජුලි 6 වැනිදා භූමියේ කැනීම් කටයුතු ආරම්භ කරන ලෙසයි.

සමූහ මිනීවලේ සිරුරු ගොඩ ගැනීම නිල වශයෙන් ආරම්භ කළ ජුලි 6 වැනිදා අවම වශයෙන් මිනිස් අස්ථි කොටස් දහයකට වැඩි ප්‍රමාණයක් දැකගන්නට ලැබුන බව කැනීම් කටයුතු ඇසින් දුටුවෝ පවසති.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගිනුම් නිලධාරී එම්. සෙල්වරත්නම් අගෝස්තු 31 අධිකරණයට දැනුම් දී තිබුනේ සමුහ සුසානයේ කැනීම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් මේ වන විට අනුමත වී ඇති බවයි.

අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට, ගණකාධිකාරී (අධිකරණ පරිපාලන) විසින් මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත අගෝස්තු 22 දා "කොක්කුතුඩුවායි, මුලතිව් හි දී හමුවූ මිනිස් සිරුරු කොටස් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් විමර්ශනය සඳහා වන ඇස්තමේන්තුව" මැයෙන් යවන ලද  ලිපියක සදහන් වන්නේ රුපියල් ලක්ෂ 56 ක මුදලක් වෙන් කරන බවයි.

"ඔබ විසින් (දිස්ත්‍රික් ලේකම්වරයා) කළ ඉල්ලීමද, ජනාධිපති අතිරේක ලේකම් විසින් ඉහත සඳහන් විමර්ශන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියේ ඇති නියෝගයටද අනුව, මෙම අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල් වලින් රුපියල් 5,663,480.00ක මුදලක් මවිසින් වෙන් කරනු ලැබේ."

මෙම විමර්ශනය ඉක්මණින් පැවැත්වීම සඳහා මෙම වෙන්කරන ලද මුදල ලබා දීම සිදුකරන බව එහි වැඩි දුරටත් සදහන්ව තිබුනි.


F4ub3PIXoAADhn5




මුලතිව් අධිකරණ සංකීර්ණයේදී දිසා විනිසුරු ටී. ප්‍රදීපන්ගේ මූලිකත්වයෙන් ජුලි 13 වැනිදා පවත්වන ලද ඉහළ පෙලේ සාකච්ඡාවකින් පසුව, මෙම ස්ථානයේ ඉදිරි කැණිම් කටයුතු පිළිබද තීරණය ගැනීම අවස්ථා කිහිපයකදීම කල් ගියේය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමුහ මිනීවලේ සති දෙකක විමර්ශන කටයුතු වෙනුවෙන් සකස් කළ වියදම් ඇස්තමේන්තුව අගෝස්තු 17 වැනිදා අධිකරණයට ඉදිරිපත්කර තිබු අතර පළාත් බද මාධ්‍යවේදීන්ට අනුව එය රුපියල් ලක්ෂ 12 ක මුදලකි.

සමුහ සුසානයේ කැනීම් කටයුතු සම්බන්ධයෙන් තිරණ ගැනීම සදහා  අගෝස්තු31 වැනි දින පැවැති සාකච්ඡාව සදහා මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව, යාපනය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන සෙල්ලයියා ප්‍රනවන්, අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජෙනගානදන් තට්පරන් සහ එස් දුෂ්‍යන්තනි, මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) නියෝජනය කරමින් නීතිඥ රනිතා ඥානරාජා හා නීතිඥ වී.කේ ධනංජයන් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  හා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහභාගී වී තිබේ.

අතුරුදහන්වුවන්ගේ පවුල් වල ඥාතීන් කිහිප දෙනකුද සහභාගී වු එම සාකච්ඡාව සදහා මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය ලේකම් එම්. උමාමගල්, කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශිය සභාවේ ලේකම් කේ. සන්මුගදාසන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගිනුම් නිලධාරී එම්. සෙල්වරත්නම්, දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිලධාරින්, කොක්කුතුඩුවායි ග්‍රාම නිලධාරි හා කිලිනොච්චි, මුලතිව් විදුලබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් සහභාගී වී ඇත.

කිලිනොච්චි, මුලතිව් නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජිව, මුලතිව් සහකාර පොලිස් අධිකාරි අසෝක පෙරේරා සහ කොක්කුලායි පොලිස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.


 යුද්ධාවසානයේ රජයේ හමුදාවට භාරවීමෙන්ද, පැහැරගනු ලැබීමෙන්ද අනතුරුව අතුරුදහන් කරන ලද සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගැනීම සඳහා පහළොස් වසරකට ආසන්න කාලයක් තිස්සේ අඛන්ඩ අරගලයක යෙදී සිටින උතුරේත් නැගෙනහිරත් යුද පීඩිත දෙමළ මව්වරුන් ඉල්ලා සිටින්නේ සමූහ මිනීවලේ විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් හවුල්කරගන්නා ලෙසයි.  

 

සබැඳි පුවත් :

කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම්වලට බාලගිරි දෝෂය

කොක්කුතුඩුවායි සමූහ සුසානයේ කැනීම් පිළිබද තීන්දුව අද

යාපනයේ තවත් සමූහ මිනී වලක් ගැන මැතිසබේ හෙළිදරව්වක්

අලුත්ම සමූහ මිනීවල හාරන ආකාරය ගැන දෙමළ පිරිස් නොසතුටින්

අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

ඇටකටු හමුවූ මුලතිව් සමූහ සුසානයේ කැනීම් 6 දා ඇරඹීමට නියෝග

වන්නියෙන් ඇටසැකිලි මතුවුයේ සමූහ සුසානයකින්දැයි සැකයක්

තොග පිටින් වලලන්න දක්ෂ රටේ ගොඩගන්න අදක්ෂකම හෙළිවන වාර්තාවක්

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්