leader s

රට පුරා සමුහ සුසාන විස්සක් සම්බන්ධයෙන් අතුරුදහන් තැනැත්තන්ගේ ඥාතීන් සමඟ කටයුතු කරන දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පහක් එක්ව අලුත්ම වාර්තාවක් එළි දක්වා සතියක් ගතවීමට

මත්තෙන් වන්නියෙන් තවත් සැක කටයුතු සමුහ මිනී වලක් හමු වී තිබේ.

සුසානය දැක බලාගත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පවසන පරිදි එහි අඩුම වශයෙන් පුද්ගලයන් දෙදෙනකුට වැඩි සංඛ්‍යාවකගේ සිරුරු කොටස් හමුව තිබේ.

"මට ඒ තැන බලන්න ඉඩ දුන්නා. ඇඳුම් ‍කොටස් සහ ඇටසැකිලි අපි දැක්ක. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ඊට වඩා අපිට දකින්න තිබුණා."

ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මුලතිව් දිස්ත්‍රික්කයේ මධ්‍යම කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජලනල එළීමට පොළව හාරමින් සිටියදී මෙම සිරුරු කොටස් සහ ඇඳුම් හමුවු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.


 සැක කටයුතු සිරුරු කොටස් හමුවු ප්‍රදේශය කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට ක‍ෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් පිහිටා ඇති බව පවසන තුරෙයිරාසා රවිහරන් හිටපු  මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ එම ඇට සැකිලි එක උඩ එක ගොඩ ගසා තිබු බවයි.


'' මේ ඇඳුම් එක්ක කාන්තා ඇඳුමුත් ‍ප‍ේන්න තිබ්බ. මේ ඇඳුම් දැක්කම ඒවා එල්ටීටීඊ සාමාජිකයන්ගේ ‍ව‍ෙන්න පුලුවන් කියලයි මට නම් පෙනුනේ. මීටර් 2-3ක පමණ ප්‍රදේශයක මළ සිරුරු දකින්න තිබ්බා."

ප්‍රාදේශිය ජනතා නියෝජිතයා පවසන පරිදි අස්ථි කොටස් හමු වු ප්‍රදේශය 1984 වසරේ සිට පදිංචිකරුවන් යුද බියෙන් හැර දමා ගිය ප්‍රදේශයකි.

'' ඒක එල්ටීටීඊ සොහොනක් නෙමෙයි කියල නම් විශ්වාසයි. 1984 දෙසැම්බර් මුල් සතියේ මේ ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කළාට පස්සේ නැවත පදිංචි කළේ 2011 දී විතර. තවත් කැණීම් කළ‍ොත් තවත් මළ සිරුරු සොයා ගන්න පුලුවන් වෙයි."

පරීක්ෂණ මෙහෙයවන කෝකිලායි පොලිසිය සමග විනිසුරුවරයකුද මිනිස් ශේෂ තිබෙන ස්ථානයට අද දිනයේ යාමට නියමිතය.

Screenshot 2023 06 30 at 8.43.24 AM                         

 අතීතය සම්බන්ධයෙන් පියවර ගැනීමට බරපතල ලෙස උනනන්දුවක් දක්වන්නේ නම් ශ්‍රී ලංකා රජය සමූහ මිනීවළවල් කැනීමේ සියලු පරීක්ෂණ  සඳහා ජාත්‍යන්තර නීරීක්ෂකයන් ගෙන්වා ගැනීමට කැපවී ක්‍රියා කළ යුතු  බව පසු ගියදා එළි දැක්වු වාර්තාව මගින් දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පහක් ආණ්ඩුවට බලකර තිබුනි.

වාර්තාව සිංහලෙන්


වාර්තාව ඉංග්‍රීසියෙන්


වාර්තාව දෙමළින්


80 දශකය අග භාගයේ ජවිපෙ කැරැල්ල සමයේ ඇති කළ සමූහ මිනීවලක් සම්බන්ධ පරීක්ෂණ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වලක්වන ලද බවට එම වාර්තාවෙන් එල්ලවන චෝදනා විභාග කිරීමේ බලාපොරොත්තුවක් නැති බව France24 නාලිකාව සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශයේදී කළ සාකච්ඡාවක දී පවසා සිටියේය.

සැකකටයුතු සුසානයක් පිළිබඳ අලුත්ම තොරතුරු හෙළිවන්නේ යුද්ධාවසානයේ හමුදාවට යටත් වූ ස්වකීය සමීපතමයන් සම්බන්ධයෙන් සත්‍යය හෙළිකරන ලෙස බල කරන අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ උද්ඝෝෂණය දින 2300ක් පසුකර තිබියදීය.

signal 2023 06 29 141327

signal 2023 06 29 145209
Fears of another mass grave as skeletons found in Mullaitivu district


සබැඳි පුවත :
තොග පිටින් වලලන්න දක්ෂ රටේ ගොඩගන්න අදක්ෂකම හෙළිවන වාර්තාවක

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්