The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
පුවත්

'ටින්' නොගත්තොත් හිරේ ! : අලුත් සංශෝධන 19 පාර්ලිමේන්තුවට

T

The Leader Desk

May 17, 2026 • 2:06 PM

'ටින්' නොගත්තොත් හිරේ ! : අලුත් සංශෝධන 19 පාර්ලිමේන්තුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය ලබා නොගැනීම, නිසි ලෙස බදු ගොනු ඉදිරිපත් නොකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ පෙනී නොසිටීම යන කරුණු අපරාධමය වරදක් ලෙස දැක්වෙන දේශීය ආදායම් පනත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
  • මේ අනුව එම නව සංශෝධන ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිතය.
  • රටේ බදු ගෙවන පිරිස වැඩි කර ගැනීම සහ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විස්සක ඉලක්කයක් කරා ළඟා කර ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
  • මේ අතර මෙම වරද යටතේ වරදකරුවන් වන අයට රුපියල් ලක්ෂ හතරක දඩයක් හා මාස හයක සිර දඬුවමක් ලබා දිය හැකි බව සඳහන්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එය ලබා නොගැනීම, නිසි ලෙස බදු ගොනු ඉදිරිපත් නොකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ පෙනී නොසිටීම යන කරුණු අපරාධමය වරදක් ලෙස දැක්වෙන දේශීය ආදායම් පනත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

මේ අනුව එම නව සංශෝධන ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිතය.

රටේ බදු ගෙවන පිරිස වැඩි කර ගැනීම සහ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විස්සක ඉලක්කයක් කරා ළඟා කර ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මෙම වරද යටතේ වරදකරුවන් වන අයට රුපියල් ලක්ෂ හතරක දඩයක් හා මාස හයක සිර දඬුවමක් ලබා දිය හැකි බව සඳහන්වේ.

මෙම නව සංශෝධන හා රෙගුලාසි සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.

අපරාධමය වරදක් බවට පත්වීම:
TIN අංකය නොගැනීම, බදු වාර්තා නිසි පරිදි ඉදිරිපත් නොකිරීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ පෙනී නොසිටීම යන කරුණු සඳහා නව සංශෝධන යටතේ අපරාධමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

අනිවාර්ය සේවා:
එළැඹෙන අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු ගිණුම් විවෘත කිරීම, ණයපත් ලබා ගැනීම, දේපළ ලියාපදිංචි කිරීම, මෝටර් රථ බලපත්‍ර අලුත් කිරීම සහ ආදායම් බලපත්‍ර ලබා ගැනීම ඇතුළු මූලික සේවා රැසක් සඳහා මෙම අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

TIN අංකය ලබා ගන්නා ආකාරය:
මෙම අංකය නොමිලේ ලියාපදිංචි වීමේ වෙබ් අඩවිය හරහා මාර්ගගතව (Online) හෝ ඔබේ ජාතික හැඳුනුම්පත රැගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වෙත ගොස් නොපමාව ලබාගත හැක.


සබැඳි පුවත් :

ප්‍රතිවාදීන් හිරේ දමන්නට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනතක් ! - සජිත් අනාවරණය කරයි

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...