leader s

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව මගින් පසුගියදා විකාශනය කරනු රුපවාහිනී වැඩසටහනින් පසු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එම ඛේදවාචකය පිළිබඳව දැඩි අවධානයක්

යොමුව ඇත.

ඒ අනුව, "පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා" පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් විවාදය අද පෙරවරු 9.30ට ආරම්භවීමට නියමිතය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ මෙම කල්තැබීමේ විවාදය විපක්ෂය විසින් ගොනුකර තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් අදහස් දැක්වීමට නියමිත අතර විවාදය දැක බලා ගැනීම සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

මෙම විවාදය පැවැත්වෙන කාලයේදී පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ද නියමිතය.


''සෑහීමකට පත්විය නොහැකියි '' -සජබ


මෙම විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුයේ,
පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ 3 ක් මේ වන විටත් පවත්වා තිබුණ ද ඒ ඔස්සේ නිකුත් වූ අවසන් විමර්ශණ වාර්තා මඟින් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවයි.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.



යම් කණ්ඩායමක් බලය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ ද යන්න පිළිබඳ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ අනුමානය කුමක්ද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්ණ කෙරින.



පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පැවසුවේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවය.  

කෙසේවෙතත් පාස්කු ප්‍රහාර සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂය දේශපාලන වාසි ලබාගැනීමේ වැඩපිළිවෙලක නිරතව සිටින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන පවසයි.

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්