ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වෙත ඊයේ භාරදී ඇත.

අමාත්‍යවරයා සිය නිල X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මාස 14කට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවකදී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවය.
Screenshot 2023 10 04 at 11.02.01
පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බව ද අමාත්‍යවරය සිය පණිවුඩය මගින් සඳහන් කර තිබේ.

මොහොමඩ් උවයිස් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ධුරයට සාලිය වික්‍රමසුරිය පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්