leader s

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔක්තෝම්බර් 03 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.


සංගමය හා ඒ වෙනුවෙන් එහි සභාපති දුමින්ද සම්පත්, හිටපු සභාපති/කමිටු සාමාජික ලසන්ත රුහුණගේ හා භාණ්ඩාගාරික ටී. නඩරාසා අංක එස්සී එස්ඩී 67/2023 යටතේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙනී සිටීමට නියමිතය

සජබෙනුත් පෙත්සමක් 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමට සමගි ජන බලවේගය සහ විපක්ෂ එකමුතුවේ විධායක කමිටුව ද කටයුතු කර තිබේ.

සජබයේ සහ විපක්ෂ එකමුතුවේ විධායක කමිටුව විසින් එම තීරණය කර ඇත.

අදාළ පනතෙහි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පත්කිරීම, එහි සාමාජිකයින් පත්කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල තුළ තවදුරටත් විධායකය අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට පෙළඹීම, අදාළ කොමිසමට අධිකරණයෙන් බැහැරව විමර්ශනය කිරීම දඬුවම් කිරීමට ඇති බලතල ආදි ජනතාව සතු මුලික අයිතීන් මේ තුළ උල්ලංඝනය වන බැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහ ජනමත විචාරණයකට යටත්ව සම්මත විය යුතු බව පෙත්සමෙන් පෙන්වා දී ඇත.

අදාළ පෙත්සම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂ විධායක කමිටුවේ සාමාජික මහාචාර්ය ජී.එල්. පීරිස් යන මන්ත්‍රීවරුන් සමග වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.


සබැඳි පුවත් :
මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්