දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ද අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුන ද එය අද දිනයේ ඉදිරිපත් නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේය.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල්යනු ඇති බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

නීතිඥ සාමූහිකය පෙරට එයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව 'නීතිඥ සාමූහිකය' පවසයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ නව පනතක් හඳුන්වාදීම වෙනුවෙන් රජය පසුගියදා ගැසට් නිවේදනයක් ප්‍රකාශ කර තිබුණි.

අදාළ පනත් කෙටුම්පතෙහි අරමුණු ලෙස දක්වා තිබුණේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිසමක් පිහිටුවීම ඇතුළු ආනුෂංගික කරුණු කිහිපයකි.

 

නීතිඥ සාමුහිකය ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් අදහස් පළකළ අතර එහි නියෝජිත ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේ, එම පනත් ගෙන ඒම ආණ්ඩුවේ එක්තරා වැඩපිළිවෙළක කොටසක් දැයි සැකසහිත බවය.

 

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පැවසුවේ, අදාළ පනත් කෙටුම්පත් දෙක නීතිගත වුවහොත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවදුරටත් සීමාවන බවය.

"මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විතරක් නෙමෙයි මේ පනත් කෙටුම්පතෙන් සීමා වෙන්නේ. සත්‍ය දැන ගැනීමට ජනතාවට තියෙන අයිතිය, සිතීමේ නිදහස මේ පනත් කෙටුම්පත්වලින් සීමා කරන්න උත්සාහ කරනවා. මුල සිටම මේ පනත් කෙටුම්පත් දෙකටම අපි එරෙහි වෙන්න ඕනේ. මොකද එහෙම වුණේ නැත්නම් මේ පනත් සම්මත කළාට පස්සේ තව දශක ගණනක් යනතුරු මේකේ ඵළවිපාක තියෙයි." ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසිය. 



මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව සිවිල් සංවිධාන සංවිධානය කළ විරෝධතාවයක් ඊයේ පස්වරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වුණි. 

ඒ, අදාළ විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති මන්දිරය ගාලුමුවදොර ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබු පසුබිමකය.

 

කෙසේවුවද ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසන්නේ, සමාජ මාධ්‍ය හරහා අගතියට පත්වන අයෙකුට සාධාරණය ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුත්ත නිර්මාණය කිරීම පමණක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත මඟින් සිදුවන බවයි. 

 

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය මෙතනින්  

සබැඳි පුවත් :

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට ආසියානු අන්තර්ජාල සභාගයේ (AIC) කනස්සල්ල 

ආන්දෝලනාත්මක පනත් දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට !

ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ආණ්ඩුවේ අලුත්ම ඉන්ටර්නෙට් පනත ගෙනා සැනින් විරෝධය 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: වැඩ වරදින වැරදි මොනවද?

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනතේ පසුබිම් කතාව 

සමාජ මාධ්‍ය නියාමන පනත පොලිස් ඇමැතිට ඇටවූ උගුලක්ද?

'අතත් බැඳලා කටත් වහලා මිලියන 22ක් පාලනය කරන්න ඉඩ දෙන්න එපා' !

Google, Facebook, YouTube, TikTok ලංකාව හැරදා යාමේ අනතුරක් !


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්