leader s

කිසිදු අදාළ පාර්ශ්වයකගේ අදහස් විමසා බැලීමකින් තොරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආසියානු අන්තර්ජාල සභාගය (Asia Internet Coalition)

සිය කනස්සල්ල ශ්‍රී ලංකා ආණ්ඩුවට පළකොට සිටී.

විසම්මුතිය හා අදහස් ප්‍රකාශ කිරීම සඳහා වන ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිය මැඩපැවැත්වීමට ඉඩ ලබාදෙන දරුණු ක්‍රමයකට එමගින් ඉඩ සලසන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් පවසයි.

ජාලගත සේවා භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම සාමාජික සමාගම් බරපතල ලෙසින් සැලකිල්ලට ගනිමින් සිටින බව පෙන්වා දෙන ඔහු, ජනතා සංවාදයට සහ අදහස් හුවමාරුවට  සීමා පැනවීම හරහා නවෝත්පාදනයට බාධා පමුණුවන නීති නිසා අවසානයේ සිදුවන්නේ ඩිජිටල් ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වීම  බව ද අවධාරණය කර සිටී.

සමබර, සාධාරණ, පිළිගත් ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූල සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වැඩීගෙන එන ඩිජිටල් ආර්ථිකයෙහි වර්ධනයට හේතුවන ආකාරයේ නීතිරීති සම්පාදනය වෙනුවෙන් කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සමග සමීපව කටයුතු කරන්නැයි එම සභාගය ශ්‍රී ලංකා ආණ්ඩුවට දැඩිව අවධාරණය කරයි.

AIC යනු, ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සහ තාක්ෂණික සමාගම්වලින් සමන්විත සංවිධානයකි. එහි අරමුණ වන්නේ, ආසියානු හා ශාන්තිකර කලාපයේ අන්තර්ජාල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන ගැටළු පිළිබඳව අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ ඒවා විසඳීම වෙනුවෙන් කටයුතු කිරීමයි.

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය මෙතනින්  

සබැඳි පුවත් :

ආන්දෝලනාත්මක පනත් දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට !

ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ආණ්ඩුවේ අලුත්ම ඉන්ටර්නෙට් පනත ගෙනා සැනින් විරෝධය 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: වැඩ වරදින වැරදි මොනවද?

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනතේ පසුබිම් කතාව 

සමාජ මාධ්‍ය නියාමන පනත පොලිස් ඇමැතිට ඇටවූ උගුලක්ද?

'අතත් බැඳලා කටත් වහලා මිලියන 22ක් පාලනය කරන්න ඉඩ දෙන්න එපා' !

Google, Facebook, YouTube, TikTok ලංකාව හැරදා යාමේ අනතුරක් !


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්