leader s

"මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය" නම් පනත් කෙටුම්පතට දැඩි විරෝධය පළ කරමින්

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කළේ ජනතාවට තොරතුරු ගෙන යන මාර්ග ආණ්ඩුව විසින් පාලනය කිරීම බරපතල තත්වයක් බවයි.

"මේක බරපතල අනතුරුදායක තත්වයක් හැටියට අපි දකින්නේ."

අන්තර් ජාලය හරහා තොරතුරු හුවමාරු කිරීමේදී එම තොරතුරේ නිවැරදිතාවය හෝ එම තොරතුරෙන් සිදු වන අගතිය සම්බන්ධයෙන් තිරණය කිරීමේ බලය මෙම පනත හරහා ජනාධිපතිවරයා සතු වන ආකාරයද ගුරු සංගම් නායකයා මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

"මෙරටේ අදහස් ප්‍රකාශ කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලබා දීලා තියන අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය, ඒ වගේම භාෂණයේ නිදහස මේ දෙකම නැති කරන්න තමයි මේ කටයුතු කරමින් යන්නේ." ලංකා ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් වැඩි දුරටත් සදහන් කළේය.

 

  

ජනපති නිව්යෝර්ක් නුවරදී්‍

නිව්යෝර්ක් නුවර දී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අමතා සිය ප්‍රධාන දේශනය සිදු කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 21 වැනිදා පවසා තිබුනේ, ආරම්භක අවධියට වඩා ලෝකයේ පවතින ආරක්ෂක සන්ධාන මේ වන විට පුළුල් වී ඇති අතර ඒවාට මුහුණදීමට පැරණි සහ නව ගත්ම්වලට මුහුණ දීමට ගැලපෙන උපායමාර්ග සැකසෙමින් පවතින බවයි.

"ඩිජිටල් බෙදීම, මූල්‍ය හා ණය අර්බුදය සහ බලශක්ති සංක්‍රමණය යන කරුණු නිසා උතුර සහ දකුණ අතර පවතින ගෝලීය බෙදීම් තවදුරටත් පුළුල් කරනවා," යි ඔහු පවසා තිබුනි.

 සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය මෙතනින්

 

සබැඳි පුවත් :

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත: වැඩ වරදින වැරදි මොනවද?

ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනතේ පසුබිම් කතාව

සමාජ මාධ්‍ය නියාමන පනත පොලිස් ඇමැතිට ඇටවූ උගුලක්ද?

'අතත් බැඳලා කටත් වහලා මිලියන 22ක් පාලනය කරන්න ඉඩ දෙන්න එපා' !

Google, Facebook, YouTube, TikTok ලංකාව හැරදා යාමේ අනතුරක් !

 

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්