චීනයේ හැංජෝ නුවර පැවැත්වෙන 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

දිනා දීමට තරුෂි කරුණාරත්න අද ( ඔක් 4 වැනිදා) සමත් වූවාය.

මීටර් 800 කාන්තා තරග ඉසව්වෙන් ඇය මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වුයේ මිනිත්තු 2යි තත්පර 03 දශම 2.0 කින් තරගය අවසන් කරමින්ය.

ආසියානු ක්‍රීඩා උළලක මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව මීට පෙර අවසන් වරට රන් පදක්කමක් ජයග්‍රහණය කළේ 2002 වසරේදීය.


tharushi karuමීටර් 800 කාන්තා තරග ඉසව්වෙන් තරුෂි කරුණාරත්න මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වුයේ මිනිත්තු 2යි තත්පර 03 දශම 2.0 කින් තරගය අවසන් කරමින්ය.


වසර 9 කට පසු හිමිවූ රන් පදක්කම

ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව අවසන් වරට රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුයේ 2014වසරේදී. ඒ පිරිමි ක්‍රිකට් තරග ඉසව්වෙනි.

ඒ අනුව වසර 9 කට පසුව පළමුවරට ශ්‍රී ලංකාවට නැවත ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් හිමිකර දීමට තරුෂි කරුණාරත්න සමත් විය.


xnvds

dgrgdfවසර 9 කට පසුව පළමුවරට ශ්‍රී ලංකාවට නැවත ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් හිමිකර දීමට තරුෂි කරුණාරත්න සමත් විය



ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් පාසැල් ක්‍රීඩිකාවන් කවුද ?

අද දිනයේදී රන් පදක්කමක් දිනා ගනු ලැබූ තරුෂි කරුණාරත්න වාර්තා පොත් අතරට එක්වන්නේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනා දුන් තෙවන ක්‍රීඩිකාව ලෙසය.

මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙල දෙකකදී පාසැල් යන වයසේ පසුවු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් වී තිබේ.

1994 සහ 1998 වසරවලදී පිළිවෙලින් දමයන්ති දර්ශා සහ ශ්‍රියානි කුලවංශ මෙලෙස ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනා දීමට සමත් විය.


(BBC සිංහල සේවය)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්