ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය පත්කර තිබේ.


ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ සභාපතිවරයා හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උවයිස් මොහොමඩ් පසුගිය දා සිය ධුරවලින් ඉල්ලා අස්විය.

උවයිස් මොහොමඩ් එසේ සභාපති ධුරයෙන් අස්වී ඇත්තේ විෂය භාර ඇමති කාංචන විජේසේකර විසින් කරන ලද බලපෑම් නිසා බව 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

සපුගස්කන්දේ පිහිටි පිරිපහදුව වසා දැමීමට එකඟ වන ලෙස හා උදය ගම්මන්පිල ඛනිජ තෙල් විෂය භාර ඇමැතිවරයා ලෙස සිටි සමයේ දෛනික වැටුපට බඳවාගෙන ඇති සේවකයින් පිරිසක් ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීමට අකමැති වීම නිසා මෙසේ උවයිස් මොහොමඩ් ට ඉල්ලා අස්වීමට සිදුවූ බව ද එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

සපුගස්කන්ද පිරිපහදුවේ කාර්යක්ෂමතාවය අඩුවෙන් පෙනීම වෙනුවෙන් ඒ සඳහා ඇනවුම් කරන ලද බොරතෙල් තොගයක් නියමිත ප්‍රමාණයට අඩුවෙන් භාරගන්නා ලෙස කළ ඉල්ලීමකට අකමැති වූ හේතුව ද ඒ අතර තිබී ඇති බව 'අනිද්දා' පුවත්පත පවසයි.

සපුගස්කන්ද පිරිපහදුව යකඩ බරට ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් ව්‍යාපාර කටයුතු සඳහා පැමිණීමට නියමිත විදේශ විදේශ සමාගමකට ලබාදීමේ උත්සාහයක් පවතින බවද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

සබැඳි පුවත :
උවයිස් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඛනිජ තෙල් සභාපති ධුරයට සාලිය !


විදේශ අමාත්‍ය අලි සබ්රිගේ සහෝදරයකු වන උවයිස් මොහොමඩ් වහාම සභාපති ධුරයෙන් ඉවත් කිරීමට විෂය බාර අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව 'ලීඩර් TV ' යුබියුබ් නාලිකාව පසුගියදා මෙසේ වාර්තාකර තිබිණ.


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්