leader s

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර ට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්

පිරිසක් යෝජනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු නැවත පක්ෂය සමඟ සම්බන්ධ වන්නේ නම්, පක්ෂයේ සභාපති ධුරය, ලේකම් ධුරය හෝ ජාතික සංවිධායක ධුරය හැර වෙනත් තනතුරක් ලබා දිය හැකි බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඔහුට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීම සුදුසු බවට යෝජනා කර ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනකු සිටින අතර, දයාසිරි ජයසේකර එම තනතුර භාර ගතහොත් , ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ගණන හතක් වනු ඇත

මේ අතර දයාසිරි ජයසේකර පවුලේ අය සමඟ මේ වන විට විදේශගත වී සිටින බවද වාර්තා වේ.

(lankadeepa.lk)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil