leader s

අධිකරණ නියෝගයක් පවා තිබියදී ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර

ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට නොගැනීම ගැටලු සහගත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ එම සිද්ධියට අදාළව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවය. 

මේ අතර ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයක් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැර ඇති බවට සිවිල් සංවිධාන එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් කර තිබුණි.

 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ද පසුගිය 11 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ව්‍යාජ ලේඛන සකස් කර ඒවා සිය අධිකාරිය නිකුත් කළ ලේඛන වශයෙන් හුවා දක්වමින් මෙම ඖෂධ තොගය මෙරටට ගෙන්වීමට අදාළ සමාගම කටයුතු කර තිබූ බවය.

 

සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය සිකුරාදා කරුණු වාර්තා කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය නියෝග කළේ ව්‍යාජ ලේඛන සකසා ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරි නිලධාරීන් අද දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

මේ අතර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අදාළ ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (16) කැඳවා තිබුණි.

ඒ අතර මිට අදාල විමර්ශන කඩිනම් කරන ලෙස ඉල්ලා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලිපියක් යොමුකර තිබිණ.

jhszdflkf

 

සබැඳි ලිපි :
කුඨ ලේඛන සකසා අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දැමීම සම්බන්ධව CID විමර්ශන ඇරඹේ
රෝගීන්ගේ ජිවිත අනතුරේ ! - කූට ලේඛන සකස් කොට අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දාලා !
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝගයක්
ගැටලුකාරී ඖෂධ සමාගමේ ඇණවුම් සහ ගෙවීම් අවලංගු කරයි

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්