බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස කලේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් නම් කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට

නීතිය ඉදිරියේ විශේෂ සහන සලසා දිමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඊයේ ප්‍රකාශ කළේය.

ඒ, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිය.

එහිදී අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබෙන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ම අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පෙත්සම්කාර දේවගැතිවරයා මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත් නොවී ඔහු මෙරටට පැමිණි විගස සෘජුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවට පොරොන්දුවක් ලබා දෙන්නේ නම් එම ඉල්ලීමට තම සේවාදායකයින් විරුද්ධ නොවන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් පෙත්සම්කාර දේවගැතිවරයාට එරෙහිව නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතු යැයි තම සේවාදායකයින් අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන සඳහන් කර සිටියේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම දැඩි විරෝධය පළකර සිටියේය.

නීතිය සැමට  එක හා සමානව ක්‍රියාත්මක විය යුතු යැයි සඳහන් කළ ජේෂ්ඨ රජයේ නීතිඥවරයා පෙත්සම්කරුට නීතිය ඉදිරියේ විශේෂ සහනයක් සලසා දිය නොහැකි බවත් සදහන් කළේය.

 පෙත්සම්කරු ඉදිරිපත් කර තිබෙන පෙත්සම විමසීමට පවා අධිකරණයට හැකියාවක් නොමැති බවත් පෙත්සම්කරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ විමර්ශන පැවැත්වෙන බවත් රජයේ නීතිඥවරයා කියා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම කරුණු ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 20 වනදා යළි කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා විසින් කරුණු දැක්වීමට නියමිත ඇත.

(nethnews.lk)

සබැඳි පුවත් :
'දිවැසිවර ජෙරොම්' සහ 'මිරකල් ඩෝම්' ගැන නොකී කතා !

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි දේවගැති ජෙරොම් ඉල්ලයි

ඔහු කුරුසයේ තබා ඇණ ගසමු ද? - (ගාමිණී වියන්ගොඩ)

මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය ඇයි ?

දේවගැති ජෙරම්ගෙන් ප්‍රකාශයක් ! - අයිසිසිපිආර් පනත යටතේ නඩු දාන්නයි ගම්මන්පිල කියයි


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්