කුරුන්තුර් මලේ පුරාවිද්‍යා භුමියේ සිංහල බෞද්ධ උරුමය පමණක් තහවුරු කරමින්

හින්දු බැතිමතුන්ගේ පුදපුජාවන්ට බාධා කළ පොලිසිය ඇතුළු බෞද්ධ භික්ෂුන්ට එරෙහිව ගොනු කළ නඩුවක් ලබන වසරේ පෙබරවාරි මාසයේදී කැදවීමට විනිසුරුවරයා තීරණය කර තිබේ.

උසාවියේ අවසරය ඇතිව කුරුන්තුර් මලේ ආදි සිවන් අයියර් කෝවිලේ ජුලි 14 වැනිදා පවත්වන්නට ගිය ආගමික වතාවත් වලට බෞද්ධ භික්ෂුන් සමග පොලිස් නිලධාරින්ද බාධා කළ බවට දෙමළ ක්‍රියාකාරීන් සිව් දෙනෙක් වවුනියාවේ පොලීසියට එදිනම පැමිණිලි කර තිබුනි.

ඒ අනුව පොලීසිය විසින් අධිකරණයේ ගොනු කළ නඩුව ඔක්තෝබර් 19 වැනිදා පළමු වරට විභාගයට ගත් මුලතිව් දිස්ත්‍රික් වැඩ බලන විනිසුරු ටී. ප්‍රදීපන් තීරණය කර ඇත්තේ එම නඩුව 2024 පෙබරවාරි 23 වැනිදා යලි කැදවීමටයි.



හින්දුන් මෙන්ම බෞද්ධයන් ද අයිතිය කියා පාන කුරුන්තුර්මලේ පුරා විද්‍යා භුමියේ අධිකරණ නියෝග නොකතා කුරුන්දි විහාරය ඉදිකිරීම සම්බන්ධයෙන් වන නඩුව විභාග කළ මුලතිව් දිසා සහ මහේස්ත්‍රාත් විනිසුරු ටී. සරවණරාජාට තමන්ට මරණ තර්ජන ඇති බව පවසමින් සිය ධුරයෙන් ඉල්ලා අස් වි රටින් පලා ගොස් තිබේ.


මරණ තර්ජන ඇති බව දැනුම් දෙමින් රටින් පිටවූ මුලතිව් මහේස්ත්‍රාත් ටී සරවනරාජා විසින් සැප්තැම්බර් 23 දා බාරදෙන ලද ඉල්ලා අස්වීම අධිකරණ සේවා කොමිසන් සභාව විසින් පිළිගෙන නැතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඔක්තෝබර් 18 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුනි.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන්වූ පීටර් ඉලන්චේලියන්, මුහුදුබඩ පත්තු ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී රත්නම් ජෙගදීසන් මෙන්ම සිද්ධිය වාර්තා කිරීමේදී පොලිසිය තර්ජනය කළ බවට මාධ්‍යවේදී විජයරත්නම් සරවනන් විසින් ද මුලතිව් පොලිසිය වෙත ජුලි 14 වැනිදා පැමිණිලි කර තිබුනේ උසාවියේ අවසරය ඇතිව කුරුන්තුර් මලේ ආදි සිවන් අයියර් කෝවිලේ පවත්වන්නට ගිය ආගමික වතාවත් වලට බෞද්ධ භික්ෂුන් සමග පොලිස් නිලධාරින්ද බාධා කළ බවයි.

පොංගල් පූජාව වෙනුවෙන් බැඳ තිබු ලිපට පා පහර දී එය කඩාකප්පල් කළ ආකාරය දැක්වෙන ඡායාරුප පළකරමින් පිට පළාත්වලින් ගිය සිංහල තරුණයන් නගන පුරසාරම් සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබුණි.

ලිප් බැඳ, කපුරු දල්වා පොංගල් ක්ෂීර පුජාව පිසින්නට සැරසෙද්දී  එය ප්‍රචණ්ඩ ලෙස වළකාලන්නට කටයුතු කළ බෞද්ධ භික්ෂුන්ට සහ පිටතින් පැමිණි සිංහලයන්ට සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරින් සහාය දක්වමින් ක්‍රියා කරනු මාධ්‍යවේදීන් විසින් රූප ගතකොට තිබේ.

සාමකාමීව විරෝධයේ යෙදුනු කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට පිරිමි පොලිස් භටයන් ක්‍රියා කළේ ඔවුන් දැඩි ලෙස හිංසනයට ලක් කරමින් බව එහි ගිය මුලතිව් මාධ්‍යවේදීහු පවසති.

ප්‍රදේශයේ බහුජන සංවිධාන ක්‍රියාධරයකු වන පීටර් ඉලන්චේලියන්ට පොලිසිය පහර දී, දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාසා ගජේන්ද්‍රන් ද බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුනි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image