leader s

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක

කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318ක් නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක මුදලක් මෙරටට ලැබී ඇති බවය.

එහිදී කිසියම් වංචාවක් සිදුව ඇත්තම් විමර්ශනයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන අතර පටු දේශපාලන අරමුණුවලට මෙම පියවර ආපසු හැරවිය නොහැකි බව ද අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

තීරුබදු සහන සහිත ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට දී තිබු බලපත්‍ර 119ක් අවභාවිතා කරමින් වාහන ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වුණි.

අදාළ වාහනවලින් 75%ක් එක් සමාගමක් මඟින් මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වේ.

අදාළ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.


සබැඳි පුවත:
'රට විරුවන්ට' දුන් අවස්ථාව අවභාවිත කරමින් බිලියන 1.2ක විදුලි මෝටර් රථ ගෙන්වලා !

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්