leader s

ප්‍රංශ රිමාන්ඩ් භාරයේ භාරයේ පසුවූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු ලෙස සැලකෙන සිංහාරගේ අමල් ද

සිල්වා හෙවත් කුඩු අංජු නැමැත්තා එරට අධිකරණයක් මගින් මුදා හැර ඇති බව සැලවීමෙන් පසු එය සැමරීම සඳහා මත්ද්‍රව්‍ය පානය කර රත්මලාන ප්‍රදේශයේ ස්ථානයක රතිඤ්ඤා දැල්වූ බව කියන පුද්ගලයන් සිවු දෙනෙක් මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පුද්ගලයන් සිව්දෙනා ලඟ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබුණ නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් සිව්දෙනා කුඩු අංජු නැමැත්තාගේ සමීපතම ගෝලයින් බවත් පොලිසිය පවසයි.

'කුඩු අංජු' නැමැත්තාව ප්‍රංශ පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය අප්‍රේල් මාසයේ අවසන් සතියේදීය. එරට පොලිස් භාරයේ රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන්නේ ජාත්‍යන්තර පොලිසිය මඟින් ඔහුට එරෙහිව මෙරටින් නිකුත් කර තිබෙන රතු නිවේදනයට අනුවය.

ප්‍රංශයේ සරණාගතභාවය ද ලබාගෙන එරට විදෙස් ගමන් බලපත්‍රයක් ඇතිව සිටි 'කුඩු අංජු'ට එරට ව්‍යාපාර පවා ඇති බව කියැවිණි. ඒ සම්බන්ධයෙන් ද එරට පොලිසිය මඟින් විමර්ශනයක් සිදු කරනු ලැබීය.

'කුඩු අංජු' මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙරට බලධාරීන් ප්‍රංශ රජයේ බලධාරීන් සමග සාකච්ජා වර කිහිපයක් ම පවත්වා තිබුනද, ඔහුව ගෙන්වා ගැනීමට තරමක නීතිමය බාධාවක් පවතින බවත්, එය නිරාකරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ඉල්ලා  ඇති බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

සබැඳි පුවත් :
කුඩු අංජු ලංකාවට රැගෙන ඒමට බාධාවක් ! - ප්‍රංශ පෙම්වතිය ගැනත් හෙළිවේ!

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්